එකිනෙකා යෞවන වියට පා තබන විට මම අපේ දරුවන්ට ලිපියක් ලීවෙමි. එයින් එකක ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අනන්‍යතාවය ගැන කථා කළේ මම යෞවන වියේදී මට මා ගැන සැකයක් සහ විශ්වාසයක් නොතිබූු බව මට සිහිපත් වු හෙයිනි. මම දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක් බව මට ඉගෙන ගැනීමට සිදුවුනි. මම ලිපියේ සඳහන් කළේ “ඔබ කවුරුන්දැයි දැන ගැනීිමේ හේතුවෙන් ඔබ කාගේ දැයි දැන ගැනීම” පැහැදිළි වන්නේය කියාය. මක්නිසාද දෙවියන්වහන්සේ අපව මැවූ බවත් උන්වහන්සේව අනුගමනය කිරීමට අප කැපවී සිටින බවත් අප තේරුම් ගත් විට අපව මැව්වේ කව්රුන් වන්නද යන්න ගැන අපට සමාදානයෙන් සිටිය හැකිය. සෑම දිනකම උන්වහන්සේ හා සමාන වීමට උන්වහන්සේ අපව වෙනස් කරන බවද අපි දන්නෙමුව.

දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අපගේ අනන්‍යතාවයේ පදනම් ඡේදය වන්නේ ද්වීථීය කථාවේ 33:12 වේ. “ස්වාමින්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්‍ෂිතව වසන්නේය. උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරන සේක. ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේය”. මෝසෙස් මිය යාමට මොහොතකට පෙර දෙවියන්වහන්සේගේ සෙනග පොරොන්දු දේශයට ඇ.තුල් වීමට සුදානම් වන විට බෙන්යමින් ගෝත්‍රයට මෙම ආශිර්වාදය ප්‍රකාශ කළේය. දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් තමන් වහන්සේගේ ආදරණීයයන් බව සැම විටම මතක තබා ගැනීම සහ උන්වහන්සේගේ දරුවන් වශයෙන් ඔවුන්ගේ අනන්‍යතාවයේ සුරක්‍ෂිතව සිටීමයි.

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසට අපගේ අනන්‍යතාවය දැන ගැනීම යෞවනයන්ටද ජීවිතයේ මැද සිටින අය සහ දිගු කලක් ජීවත් වූ අයටද එකසේ වැදගත් වන්නේය. දෙවියන්වහන්සේ අපව මැවූ බවත් අප දෙස බලා සිටින බවත් තේරුම් ගත් විට අපට ආරක්‍ෂාව, බලාපොරොත්තුව සහ ප්‍රේමය සොයා ගත හැකිය.