ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් විසින් විවාහය බිඳ වැටීමට පටන් ගන්නා සාර්ථකත්වය කරා යන ක්‍රීඩා නියෝජිතයෙක් ලෙස රඟපෑවේය. තම බිරිඳ වන ඩොරතිව නැවත දිනා ගැනීමට උත්සාහ කරමින් ඔහු ඇගේ ඇස් දෙස බලා “ඔබ මාව සම්පූර්ණ කරන්නේය” කියා පැවසීය. එය ග්‍රීක දර්ශනයේ කථාවක දෝංකාර දෙන හද උණූුසුම් කරන පණිවුඩයකි. එම මිථ්‍යාවට අනුව අප සෑම කෙනෙකුම “භාගයක්” වන අතර සම්පූර්ණ වීමට “අනෙක් භාගය” සොයා ගත යුතු වන්නෙමු.

සත්‍යයක්ද? බොහෝ විවාහක යුවළයන් සමග මම කථා කරන අවස්ථාවේදී ඔවුන්ට තවමත් ජිවිතය අසම්පූර්ණ යයි හැඟෙන්නේ ඔවුන්ට දරුවන් නොමැති නිසා සහ දරුවන් සිටින අයටත් යම්කිසි අඩුවක් ඇති බව දැනෙන නිසාත් බව කීහ. අවසානයේදී කිසිම මනුෂ්‍යයෙක්ට අපව සම්පූර්ණ කළ නොහැකිය.

අපෝස්තලු පාවුල් තවත් විසඳුමක් දෙන්නේය. “මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. එම නිසා උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය” (කොලොස්සි 2:9-10). යේසුස්වහන්සේ අපට සමාව දී අපව නිදහස් කරනවා පමණක් නොව දෙවියන්වහන්සේගේ ජීවිතය අපගේ ජීවිත වලට ගෙන ඒමෙන් උන්වහන්සේ අපව සම්පූර්ණ කරන සේක (13-15 පද).

විවාහය යහපත්ය. එහෙත් එයට අපව සම්පූර්ණ කළ නොහැකිය. එය කළ හැක්කේ යේසුස්වහන්සේට පමණි. පුද්ගලයෙක්, වෘත්තියක් හෝ වෙනත් දෙයක් හෝ අපව සම්පූර්ණ කරනු ඇතැයි අපේක්‍ෂා කරනවා වෙනුවට දෙවියන්වහන්සේගේ පූර්ණත්වය අපගේ ජීවිත තව තවත් පුරවා ලන්න ඉඩ දෙන ලෙසට දෙවියන්වහන්සේ කරන ආරාධනය පිළිගනිමු.