යෙරුසලමේ ඩෑන් හෝටලය 2020 දී වෙනත් නමකින් හඳුන්වනු ලැබීය : ඒ “හොටෙල් කොරෝනා” යනුවෙනි. කෝවිඩ්-19 න් සුවය ලබන රෝගීන් සඳහා රජය මෙම හෝටලය කැප කළ අතර දුෂ්කර කාලයක ප්‍රීතිය හා එකමුතුකමේ දුර්ලභ ස්ථානයක් ලෙස හෝටලය ප්‍රසිද්ධ විය. ප්‍රදේශයේ නිවැසියන්ට මේ වන විටත් වෛරසය වැළඳී ඇති බැවින් ඔවුන්ට එකට ගායනා කිරීමට, නැටීමට සහ සිනාසීමට නිදහස තිබුණි. ඔවුහු එසේ කළහ. විවිධ දේශපාලන සහ ආගමික කණ්ඩායම් අතර ආතතිය ඉහළ මට්ටමක පවතින රටක ජනතාවට එකිනෙකා මුලින් මනුෂ්‍යයන් ලෙස දැකීමටත් මිතුරන් වීමටත් බෙදා හදා ගැනීමේ අර්බූදය ඉඩක් නිර්මාණය කර දුන්නේය.

අපට සමාන යයි අප දකින අය එසේම අපේම අත්දැකීම් හා වටිනාකම් තිබෙනවා යයි අපි සිතන අය වෙත අප ඇදී යාම ස්වාභාවිකය. සාමාන්‍යයද විය හැකිය. නමුත් අපෝස්තලු පාවුල් තුමා බොහෝ විට අවධාරණය කළ පරිදි “සාමාන්‍ය” යයි අප දකින මිනිසුන් අතර ඇති ඕනෑම බාධාකයකට ශුභාරංචිය අභියෝගයක් බවයි (2 කොරින්ති 5:15). ශුභාරංචියේ කාචය තුළින් අපගේ වෙනස්කම්වලට වඩා විශාල පින්තූරයක් අපට පෙනේ. එනම් හවුල් බිඳීමක් සහ හවුල් ආශාවක්ද සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් සුවය අත්විඳීමේ අවශ්‍යතාවයක්ද ඇති බවයි.

“එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය” යනුවෙන් අප විශ්වාස කරන්නේ නම් අපට තවදුරටත් අන් අය පිළිබඳ මතුපිට මට්ටමේ උපකල්පනාවලින් සෑහීමකට පත්විය නොහැක. ඒ වෙනුවට “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේ” (14 පදය) අප හිතනවාටත් වඩා දෙවියන්වහන්සේ ප්‍රේම කරන අප සියල්ලන් උදෙසා උන්වහන්සේගේ ප්‍රේමය සහ මෙහෙවර බෙදා ගන්නා ලෙසටය.