මගේ බිරිඳ සෑම විටම දකින්න කැමතිව සිටි රංගන ශිල්පියෙකුට සවන් දීම සඳහා ප්‍රසංග ප්‍රවේශ පත්‍රවලින් මම ඇයව පුදුමයට පත් කළෙමි. දක්‍ෂ ගායකයා කොලරාඩෝ තූර්ය වාදක කණ්ඩායමත් සමග සහභාගී වූ අතර පසුබිම “රෙඩ් රොක්ස්” හී අසමසම ස්ථානයක විය. එය මුහුදු මට්ටමේ සිට අඩි 6,000 කට වඩා උසින් අඩි 300 ක පාෂාණ දෙකක් අතර ඉදිකරන ලද එළිමහන් රඟ මඬලක් වුනි. මෙම සංගීත වාදක කණ්ඩායම හොඳින් ප්‍රිය කළ සම්භාව්‍ය ගීත සහ ජන ගීත ගණනාවක් ගායනා කළහ. ඔවුන්ගේ අවසාන ගීතය වූයේ “පුදුම අනුග්‍රහය” (Amazing Grace) යන ගීතිකාවයි. සුන්දර සුසංයෝගී සැළැස්ම අපගේ හුස්ම පවා සිර කරන ඉමහත් පුදුමයක් ඇති කළේය.

සමගිය පිළිබඳ සුන්දර දෙයක් තිබේි. තනි උපකරණ එකට වාදනය කිරීමෙන් එය විශාල වන ඉතා අලංකාර භූ දර්ශනයක් මෙන් නිර්මාණය වන්නේය. “එකඟව සිට” “එක ප්‍රේමය ඇතුව” “එක්සත්ව සිටීමෙන්” ඇතිවන සමගියෙහි සුන්දරත්වය ගැන අපෝස්තලු පාවුල් විසින් පිලිප්පිවරුන්ට පෙන්වා දුන්නේය (පිලිප්පි 2:2). ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එකිනෙකා සමාන වීමට නොව යේසුස්වහන්සේගේ නිහතමානී ආකල්පය සහ තමන්වම දීමේ ප්‍රේමය වැළඳ ගැනීමටය. පාවුල් හොඳින් දැන සිටි හා ඉගැන්වූ පරිදි ශුභාරංචිය අප අතරේ තිබෙන වෙනස්කම් මකා නොදමයි. නමුත් එයට අප අතරේ ඇති බෙදීම් ඉවත් කළ හැකිය.

බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මෙහි සඳහන් වී තිබෙන අපෝස්තලු පාවුල්ගේ වචන (6-11 පද) මුල් ගීිතිකාවකට පෙර නිමිත්තක් බවයි. මෙන්න කාරණය : අපගේ සුවිශේෂී ජීවිත සහ සන්දර්භයන් තුළින් තව තවත් යේසුස්වහන්සේ මෙන් වන පිණිස ක්‍රියා කිරීමට අපි ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන විට අපි ක්‍රිස්තුස්වහන්සේ මෙන් නිහතමානී ප්‍රේමයකින් ප්‍රතිරාවය දක්වන වාදක කණ්ඩායමක් බවට පත්වන්නෙමු.