දූරකථනය නාද වු අතර මම එය ප්‍රමාදයකින් තොරව ගත්තෙමි. ඇමතුවේ අපගේ දේවස්ථාන පවුලේ පැරණිතම සාමාජිකාව වන අවුරුදු සියයකට ආසන්න වයසැති වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවකි. ඇගේ නවතම කෘතියට අවසාන වගන්ති ලබා දෙමින් එය අවසන් කිරීමට ඇය මගෙන් ලිවීමේ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. කෙසේ වෙතත් සෑම විටම කරන්නාක් මෙන් මම ඇයගෙන් ප්‍රශ්න අසමින් සිටියෙමි. ජීවිතය ගැන, රැකියාව ගැන, ආදරය ගැන, පවුල ගැන යනාදී වශයෙනි. දිගු ජිවිතයකින් ඇය ලැබූ බොහෝ පාඩම් ප්‍රඥාවෙන් දිදුලයි. “ඔබම වේගයෙන් යන්න” ඇය මට කීවාය. ඇයට එය කිරීමට අමතක වූ අවස්ථා ගැන අපි සිනහසුණෙමු. ඇගේ අපූරු කථා සියල්ලම සැබෑ ප්‍රීතියෙන් පදම් වී තිබුණි.

බයිබලය උගන්වන්නේ ප්‍රඥාව ප්‍රීතියට හේතු වන බවයි. “ප්‍රඥාව සොයා ගන්න මනුෂ්‍යයාද ඥානය ලබා ගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය” (හිතෝපදේශ 3:13). මෙම මාර්ගය එනම් ප්‍රඥාවේ සිට ප්‍රීතිය දක්වා වූ මාර්ගය ඇත්තෙන්ම බයිබලානුකූල ගුණාංගයකි. “මක්නිසාද ප්‍රඥාව නුfඕ සිතට ඇතුල්වන්නේය. දැන ගැන්මද නුfඕ ආත්මයට ප්‍රසන්න වන්නේය” (හිකෝපදේශ 2:10). “දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙන සේක” (දේශනාකාරයා 2:26). “ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය. ඇගේ සියලුම මාවත් සමාදානයය” කියා ප්‍රඥාව ගැන හිතෝපදේශ 3:17 හි දැක්වෙන්නේය.

ජීවිතයේ කාරණා ගැන මෙනෙහි කරමින් සී.එස්. ලුවිස් කතුවරයා ප්‍රකාශ කළේ “ප්‍රීතිය යනු ස්වර්ගයේ අති විශේෂ කාර්යයක්” බවයි. කෙසේ වෙතත් එහි ගමන් මාර්ගය ප්‍රඥාවෙන් සකසා තිබේ. අවුරුදු 107 ක් ජීවත් වූ මගේ දේවස්ථානයේ මිතුරිය ඊට එකඟ වනු ඇත. ණැනවත් ප්‍රීතිමත් වේගයකින් ඇය රජු වෙත ගමන් කළාය.