ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයෙහි පිහිටා තිබෙන මල්හියුර් ජාතික වනෝද්‍යානයේ මීපැණි බිම්මල් ලෙස ප්‍රචලිත දිලිරයක් අක්කර 2,200 ක් පුරා ගස් මුල් හරහා පැතිර ගියේ එය මෙතෙක් හමුවූ විශාලතම ජීවියා බවට පත්වෙමිනි. එය අවුරුදු දෙදහකට වඩා වැඩි කාලයක් වනාන්තරය හරහා බෝවී ඇති අතර ගස් මරා දමමින් වැඩුණි. රයිසෝමෝර්ෆ් නමින් හැඳින්වෙන එහි මුල් අඩි දහයක් තරම් ගැඹුරු උමං සාදමින් පස තුළට හාරා ගෙන යයි. මෙම ජීවියා ඇදහිය නොහැකි තරම් විශාල වුවද එය ආරම්භ වූයේ තනි අන්වීක්‍ෂීය බීජානුවකිනි.

පුළුල් ලෙස හෙළා දැකීමට ලක්වු එක් අකීකරු ක්‍රියාවක් සහ එය ආපසු හැරවූ එක් කීකරු ක්‍රියාවක් ගැන බයිබලය අපට පවසන්නේය. පුද්ගලයින් දෙදෙනෙක් වන ආදම් සහ යේසුස්වහන්සේ අතර වෙනස පාවුල් තුමා පෙන්නුම් කරන්නේය (රෝම 5:14-15). ආදම්ගේ පාපය “සියලු මනුෂ්‍යයන්” වරදට පත් කිරීම සහ මරණය ගෙන ආවේය (12 පදය). එක් අකීකරු ක්‍රියාවක් මගින් සියලු මනුෂ්‍යයන් පව්කාරයන් බවට පත් කර දෙවියන්වහන්සේ ඉදිරියහි වරදට පත්කරනු ලැබීය (17 පදය). නුමුත් මනුෂ්‍යත්වයේ පාප ගැටළුව සමග කටයුතු කිරීමට උන්වහන්සේට ක්‍රමයක් තිබුණි. කුරුසියේදී යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාව මගින් දෙවියන්වහන්සේ සදාකාල ජීවනය සහ උන්වහන්සේ ඉදිරියෙහි නිවැරදි ස්ථාවරයක් ලබා දෙන සේක. සියලු ජනයාට ජිවනය ලබා දෙමින් ආදම්ගේ එක් අකීකරු ක්‍රියාව පරාජය කිරීමට තරම් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සහ කීකරුකම බලවත් විය (18 පදය).

උන්වහන්සේගේ කුරුසියේ මරණය මගින් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම තෙනෙකුට උන්වහන්සේ සදාකාල ජීවනය ඔප්පු කරන සේක. ඔබට උන්වහන්සේගේ සමාව සහ ගෑළවීම ලැබී නැත්නම් අද ඔබට එය කළ හැකිය. ඔබ දැනටමත් ඇදහිලිවන්තයෙක් නම් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය නිසා උන්වහන්සේ කර ඇති දේ ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.