සිය සීයාගේ කෘතිය අනුස්මරණය කරමින් පීටර් ක්‍රොෆ්ට් මෙසේ ලිවීය. “කෙනෙක් ඔවුන්ගේ බයිබලය කුමණ අනුවාදයක් වූවත්, එය අතට ගෙන වටහා ගන්නවා පමණක් නොව ජීවමාන ලේඛණයක් ලෙසට දේව වචනය අත්දකිමින් අවුරුදු දහස් ගණනකට පෙර මෙන් අද දවසටත් එය අදාළ සිත්ගන්නා සුළු ලේඛණයක් ලෙස පිළිගැනීම මගේ ගැඹුරුතම ආශාව වන්නේය”. පීටර්ගේ සීයා වූයේ ජේ.බී. පිලිප්ස් නම්වූ තරණ සේවකයාය. ඔහු දෙවන ලෝක සංග්‍රාම සමයේදී පැරණි ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබු බයිබලය තම දේවස්ථානයේ සිසුන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි නැවත සරළව ඉංග්‍රිසි භාෂාවෙන් ලිවීමට භාර ගත්තේය.

පිලිප්ස්ගේ ශිෂ්‍යයින් මෙන් දේව වචනය කියවීමට සහ අත්දැකීමට අපට බාධා වන්නේ බයිබල් පරිවර්තන නිසාම නොවේ. අපට කාලය, විනය හෝ අවබෝධය සඳහා නිවැරදි මෙවලම් නොතිබෙනවා විය හැකිය. නුමුත් ගීතාවලිය 1 හි අපට පවසන්නේ “ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය” (2 පදය) යනුවෙනි. අප මුහුණ දෙන අපහසුතා කුමක් වුවත් සෑම කාල පරිච්ඡේදයකදීම දේව වචනය මෙනෙහි කිරීම “සමෘද්ධිමත්” වීමට අපට ඉඩ සළසා දෙන්නේය.

ඔබ ඔබේ බයිබලය දකින්නේ කෙසේද? එය අදටත් ජ්ීවත් වීමට නිවැරදි අවබෝධයක් ලබා දෙන්නේය. යේසුස්වහන්සේව විශ්වාස කිරීමට හා අනුගමනය කිරීමට කළ කැඳවීම අභියෝගයකි. දෙවියන්වහන්සේ පිළිබඳව තිබෙන ගැඹුරු දැනුම හා එයින් මනුෂ්‍ය සංහතියට දැක්වෙන බලපෑම එළිදරව් කරන්නේය. එය අපගේ පැවැත්ම සඳහා දිනපතා අපට අවශ්‍ය පෝෂණය ලබා දෙන ජලධාරාවක් (3 පදය) වැනිය. අද අපි කාලය ලබා ගන්නත් නිවැරදි මෙවලම් ලබා ගන්නත් දේව වචනය ජීවමාන ලේඛණයක් ලෙස අත් විඳීමටත් උපකාර කරන ලෙසට දෙවියන්වහන්සේ කෙරෙහි නැඹුරු වෙමු.