අද දක්වා නිෂ්පාදනය කරන ලද ක්‍රීඩාවලින් උසස්ම වීඩියෝ ක්‍රීඩාව වන නින්ටෙන්ඩෝහි “ද ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා : ඔකරිනා ඔෆ් ටයිම්” ක්‍රීඩාව ලොව පුරා මිලියන හතකට වඩා අලෙවි වුනි. මැටි වලින් සාදන ලද ඉතා කුඩා පුරාණ අර්තාපල් ගෙඩියක හැඩැති සංගීත භාණ්ඩයක් වන “ඔකරිනාවද” මෙම වීඩියෝ ක්‍රීඩාව තුළින් ජනප්‍රිය කෙරුණි.

ඔකරිනාව සංගීත භාණ්ඩයක් මෙන් පෙනෙන්නේ නැත. කෙසේ වෙතත් එය වාදනය කරන විට එහි හොරණෑවට පිඹීමෙන් සහ එහි හැඩයක් නොමැති ශරීරය වටා ඇති විවිධ සිදුරු ආවරණය කිරීමෙන් සන්සුන් සහ බලාපොරොත්තු සහිත සිත් කා වදින ශබ්දයක් නිපද වෙන්නේය.

ඔකරිනා සංගීත භාණ්ඩය සෑදු තැනැත්තා මැටි ගුලියක් ගෙන එයට පීඩනය හා තාපය යොදවා එය විශ්මිත සංගීත භාණ්ඩයක් බවට පරිවර්තනය කළේය. මෙහිදී මම දෙවියන්වහන්සේ සහ අප අතර පින්තූරයක් දකිමි. යෙසායා 64:8-9 අපට මෙසේ පවසයි : “අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව…. ඉතින් ස්වාමින්වහන්ස ඔබ අපේ පියාණෝය. අප මැටිය. ඔබ අපේ කුම්භකාරයාය….. ස්වාමින්වහන්ස ඉතා උදහස් නූව මැනව”. අනාගතවක්තෘ වරයා කියන්නේ “දෙවියන්වහන්ස, සියල්ල ඔබ භාරයේය. අපි හැමෝම පව්කාරයෝව සිටින්නෙමු. ඔබවහන්සේ වෙනුවෙන් අලංකාර උපකරණ බවට අපව හැඩගස්වන්න” යනුවෙනි.

දෙවියන්වහන්සේ නිත්‍ය වශයෙන්ම කරන්නේ එයයි. උන්වහන්සේගේ දයාවෙන් අපගේ පාපය උදෙසා මිය යන පිණිස උන්වහන්සේ තම පුත් යේසුස්වහන්සේව එවූ සේක. සෑම දිනකම උන්වහන්සේගේ ආත්මය සමග පියවරෙන් පියවර අප ගමන් කරන විට උන්වහන්සේ අපව හැඩගස්වමින් වෙනස් කරන සේක. සුන්දර සංගීතය නිපදවීම පිණිස ඔකරිනා සාදන්නාගේ හුස්ම උපකරණය හරහා ගමන් කරන්නාක් මෙන් උන්වහන්සේ විසින් අඹන ලද උපකරණය වන අප තුළින් උන්වහන්සේගේ සුන්දර කැමැත්ත වන යේසුස් වහන්සේගේ ස්වරූපයට අපව සමාන කරන පිණිස ක්‍රියා කරන සේක (රෝම 8:29).