වෘත්තාන්ත බේස්බෝල් ක්‍රීඩකයෙක් වූ ඩැරල් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතය විනාශය ආසන්නයට ගෙන ගියේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුව නිදහස් කළ අතර ඔහු වසර ගණනාවක් පිරිසිදු ජීවිතයක් ගත කළේය. අද ඔහු ඇබ්බැහිවීම් සමග පොර බදන අන් අයට උදව් කරමින් ඔවුන්ව ඇදහිල්ල වෙත යොමු කරන්නේය. ආපසු හැරී බලමින් ඔහු සහතික කරන්නේ දෙවියන්වහන්සේ තම අවුල පණිවුඩයක් බවට පත් කළ බවයි.

දෙවියන්වහන්සේට කිසිවක් අපහසු නැත. යේසුස්වහන්සේ සිය ගෝලයන් සමග ගලීල මුහුදේ කුණාටු සහිත රාත්‍රියකට පසුව සුසාන භූමියක් අසළ වෙරළට පැමිණි සේක. අන්ධකාරයෙන් වැසුණු මනුෂ්‍යයෙක් එකෙණෙහිම උන්වහන්සේ වෙතට පැමිණියේය. යේසුස්වහන්සේ එම මනුෂ්‍යයා තුළ සිටි යක්‍ෂයින්ට කථා කොට ඔවුන්ව පන්නා දමා ඔහුව නිදහස් කළ සේක.

යේසුස්වහන්සේ පිටත් වී යන විට එම මනුෂ්‍යයා උන්වහන්සේ සමග යෑමට ඉල්ලා සිටියේය. නමුත් යේසුස් වහන්සේ එයට ඉඩ නොදුන්නේ ඔහුට කරන්න වැඩක් උන්වහන්සේ සකසා තිබූ නිසාය. “නුඹ ගෙදර නුfඕ නෑ මිතුරන් ළඟට ගොස් ස්වාමින්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළ සේක්ද” (මාර්ක් 5:19) කියා පවසන්න යයි කී සේක.

අපි එම මනුෂ්‍යයාව නැවත නොදකින්නෙමු. නමුත් දේව වචනය අපට කුතුහලය දනවන දෙයක් පෙන්වයි. “අහක්ව යන ලෙසට” (17 පදය) එම ප්‍රදේශයේ ජනතාව බියෙන් යුතුව යේසුස්වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියද ඊළඟ වතාවේදී උන්වහන්සේ එහි ගිය විට විශාල පිරිසක් රැස්ව සිටියහ (8:1). යේසුස්වහන්සේ එම මනුෂ්‍යයා ගෙදරට යැවීම හේතුවෙන් සමූහයා එතැනට එන්න ඇද්ද? නැත්නම් කලක් අන්ධකාරයේ ආධිපත්‍යය දැරූ ඔහු යේසුස්වහන්සේගේ ගළවා ගැනීමේ බලය ඵලදායී ලෙස සන්නිවේදනය කරමින් පළමු මිෂනාරිවරුන්ගෙන් කෙනෙක් බවට පත් වූ නිසාද?

අපි ස්වර්ගයේ මෙම පැත්ත ගැන නොදනිමු. නමුත් මෙම දෙය පැහැදිළිය. දෙවියන්වහන්සේට සේවය කිරීමට අපව නිදහස් කළ විට අවුල් සහගත අතීතයක් පවා බලාපොරොත්තුවේ සහ ප්‍රේමයේ පණිවඩයක් බවට පත් කිරීමට උන්වහන්සේට හැකිය.