ගමේ පූජකතුමාට නිදා ගැනීම අපහසු වුනි. 2 වන ලෝක යුද්ධය උත්සන්න වෙද්දී ඔහු ඇමෙරිකානු සොල්දාදුවන් කණ්ඩායමකට කියා සිටියේ තම දේවස්ථානය පසෙකින් වැටක් ගසා වෙන් කර ඇති සුසාන භූමියේ ඔවුන්ගේ මියගිය සහෝදර භටයන්ව භූමදාන කළ නොහැකි බවයි. දේවස්ථානයේ සාමාජිකයන් පමණක් භූමදාන කිරීමට අවසර තිබුණි. එම නිසා ඒ මනුෂ්‍යයන් තමන්ගේ ප්‍රේමණිය මිත්‍රයාව වැටෙන් පිටත වළලා දැමූහ.

කෙසේ වෙතත් පසුවදා උදෑසන සොල්දාදුවන්ට සොහොන සොයා ගත නොහැකි වුනි. “මොකද උනේ? මිනීවල නැතිවෙලා” එක් සොල්දාදුවෙක් පූජක තුමාට කීවේය. “ඕ.. ඒක තවමත් තියෙනවා” පූජකතුමා ඔහුට කීවේය. සොල්දාදුවා ව්‍යාකූල වූ නමුත් පූජකතුමා පැහැදිලි කළේය. “ඔබට එපා යයි කීම ගැන මම කණගාටු වූයෙමි. එම නිසා ඊයේ රාත්‍රියේ මම නැගිට වැට එහාට කළෙමි”.

අපි සොයන්නේ නම් අපගේ ජීවිත අභියෝග සඳහා දෙවියන්වහන්සේ නැවුම් ඉදිරි දර්ශනයක් ලබා දෙනවා ඇත. ඊශ්‍රායෙලයේ පීඩිත ජනතාවට අනාගතවක්තෘ යෙසායා දුන් පණිවුඩය එයයි. ඔවුන්ව රතු මුහුදේ විපතින් ගලවා ගැනීම දෙස මහත් ඕනෑකමෙන් බලා සිටීම වෙනුවට දෙවියන්වහන්සේ නව ප්‍රාතිහාර්යයන් කරන ආකාරයද නව මාවත් දැල්වීම දැකීමටද ඔවුන්ගේ දර්ශනය වෙනස් කර ගැනීම අවශ්‍ය වුනි. “පුරාණ දේවල්ද කල්පනා නොකරන්න” කියා අනාගතවක්තෘ යෙසායා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. “බලව, මම අමුතු දෙයක් කරන්නෙමි” (යෙසායා 43:18-19). සැකයන් හා සටන්වලදී උන්වහන්සේ අපේ බලාපොරොත්තුවේ මූලාශ්‍රයයි. “මා විසින් තෝරා ගත් මාගේ සෙනගට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන්නෙමි” (20 පදය).

නව දර්ශනයකින් ප්‍රබෝධමත් වන අපටත් අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ නැවුම් දිශාව දැක ගත හැකිය. උන්වහන්සේගේ නව මාවත් අපි නව ඇස් වලින් බලමු. ඉන් පසුව දිරියෙන් යුතුව උන්වහන්සේව අනුගමනය කරමින් එඩිතරව නව භූමියකට අපි පා තබමු.