ඇමෙරිකාවේ ටෙක්සාස්හි ලොමෙටෝ අසළ ජීවත් වූ සත්ව ගොවියෙතු මම දැන සිටියෙමි. ඔහුගේ මුණුපුරන් දෙදෙනා මගේ හොඳම මිතුරෝ වූහ. අපි ඔහු සමග නගරයට යන්නෙමු. ඔහු බඩු භාණ්ඩ මිළදී ගෙන නගරයේ ඔහු දැන සිටි සියල්ලන් සමග කථා බහ කරද්දී අපි ඔහු පසුපස ගියෙමු. ඔහු ඒ අයව නමින් දැන සිටි අතර ඔවුන්ගේ කථාද දැන සිටියේය. ඔහු අතරින් පතර නැවතී රෝගී දරුවෙක් ගැන හෝ ප්‍රශ්න සහිත විවාහයක් ගැන විමසා දිරි ගැන්වීමේ වචනයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්නේය. ඔහු දේව වචනය බෙදා ගෙන අවශ්‍ය නම් පමණක් යාච්ඤාද කරන්නේය. මට කිසිම දිනෙක එම මනුෂ්‍යාව අමතක වන්නේ නැත. ඔහු විශේෂ කෙනෙක් විය. ඔහු කිසිවෙකුට තම ඇදහිල්ල ගැන බල කළේ නැත. නුමුත් සෑම විටම ඔහු එය ඉතිරි කර පැමිණියාක් මෙන් පෙනෙන්ට තිබුණි.

වැඩිහිටි සත්ව ගොවියා තුළ පාවුල් තුමා සඳහන් කර තිබුණු “ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ” (2 කොරින්ති 2:15) තිබුණි. “ක්‍රිස්තුස්වහන්සේව දැන ගැනීමේ සුවඳ පැතිරවීමට” (14 පදය) දෙවියන්වහන්සේ ඔහුව යොදා ගත් සේක. ඔහු දැන් දෙවියන්වහන්සේ සමග සිටීමට ගොස් ඇති නමුත් ඔහුගේ සුවඳ ලොමෙටෝහි පවතී.

සී.එස්. ලුවිස් මෙසේ ලිවීය. “සාමාන්‍ය මිනිසුන් නැත. ඔබ කිසිම දිනෙක මැරෙන්නට ආසන්නව සිටින කෙනෙක් සමග කථා කර නැත”. වෙනත් ආකාරයකින් කිවහොත් සෑම මිනිස් සම්බන්ධතාවයකටම සදාකාලික ප්‍රතිවිපාක ඇත. විශ්වාසවන්ත හා මෘදු ජීවිතයක් පිළිබඳ නිහඬ සාක්‍ෂියක් මගින් හෝ වෙහෙසට පත්ව සිටින ආත්මයකට දිරිගැන්වීමේ වචනයක් තුළින් හෝ අප අවට සිටින අයගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සෑම දිනකම අපට අවස්ථා තිබේ. අන් අය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ක්‍රිස්තුස්වහන්සේ වගේ ජීවිතයක් කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න.