සැක් හුදකලා පුද්ගලයෙකි. ඔහු නගරයේ වීථීවල ගමන් කරන විට ඔහුට සතුරු බැල්මවල් දැණුනි. ඉන්පසුව ඔහුගේ ජීවිතයේ හැරීමක් සිදුවනි. සභාවේ පියෙකු වන ඇලෙක්සැන්ඩි්‍රයාවේ ක්ලෙමන්ට් පවසන්නේ සැක් ඉතා කැපී පෙනෙන ක්‍රිස්තියානි නායකයෙක් හා සිසේරියාවේ සභාවේ සභාපාලක බවටද පත්වූ බවයි. එසේය, අපි කථා කරන්නේ යේසුස්වහන්සේව දැකීමට අත්තික්කා ගසකට නැගුණු ප්‍රධාන බදු අයකරන්නා වන සාකෙවුස් ගැනයි (ලූක් 19:1-10).

ගසට නැගීමට ඔහුව පෙළඹවුයේ කුමක්ද? බදු එකතු කරන්නන් ද්‍රෝහීන් ලෙස සළකනු ලැබුවේ රෝම අධිරාජ්‍යයට සේවය කිරීම සඳහා තමන්ගේම ජනතාවගෙන් අධික ලෙස බදු අය කළ බැවිනි. එසේ වූවත් ඔවුන්ව පිළිගැනීම ගැන යේසුස්වහන්සේට ප්‍රසිද්ධියක් තිබුණි. යේසුස්වහන්සේ ඔහුවත් පිළිගනිවීද කියා සාකෙවුස් කල්පනා කරන්න ඇති. කෙසේ වෙතත් ඔහු මිටි වූ නිසා සමූහයාට ඉහළින් දැක ගැනීමට නොහැකි විය (3 පදය). සමහර විට ඔහු ගසකට නගින්න ඇත්තේ යේසුස්වහන්සේව සොයා ගැනීමටයි.

යේසුස්වහන්සේද සාකෙවුස්ව සොයමින් සිටි සේක. සාකෙවුස් නැගී සිටි ගස වෙත ළඟා වූ විට ක්‍රිස්තුස් වහන්සේ උඩ බලා “සාකෙවුස් වහාම බසින්න. මක්නිසාද අද නුfඕ ගෙදර මා නවතින්ට ඕනැයයි ” කී සේක (5 පදය). මෙම නෙරපා හරින ලද තැනැත්තාගේ නිවසේ ආගන්තුකයෙක් වීම අත්‍යවශ්‍ය බව යේසුස්වහන්සේ සැලකූ සේක. ඒ ගැන සිතා බලන්න. ලෝකයේ ගැළවුම්කරුවාණන්ට අවශ්‍ය වූයේ සමාජය විසින් ප්‍රතික්‍ෂේප කර තිබූ කෙනෙකු සමග කාලය ගත කිරීමටය.

අවශ්‍ය වන්නේ අපගේ හදවත්, සබඳතා හෝ ජීවිත සකසා ගැනීමට වූවත් සාකෙවුස්ට මෙන් අපටත් බලාපොරොත්තුවක් තබා ගත හැකිය. අපි උන්වහන්සේ වෙත හැරෙන විට යේසුස්වහන්සේ කිසි විටෙකත් අපව ප්‍රතික්‍ෂේප නොකරන සේක. නැතිවූ හා කැඩී ගිය දේ යථා තත්ත්වයට පත් කර අපගේ ජීවිතවලට නව අරුතක් හා අරමුණක් ලබා දීමට උන්වහන්සේට පුළුවන.