2018 බේස්බෝල් සමයේදී චිකාගෝ කබ්ස් නැමැති බේස්බෝල් ක්‍රීඩා කණ්ඩායමේ පහුණුකරුවෙකුට අමතර ක්‍රීඩකයින් වාඩිවී සිටින ස්ථානයේ අසුනක වාඩිවී සිටින පිරිමි ළමයෙකුට බේස්බෝලයක් ලබා දීමට අවශ්‍ය වුනි. නමුත් පුහුණුකරු පන්දුව ඔහු දෙසට විසි කළ විට මනුෂ්‍යයෙක් එම බෝලය අල්ලා ගත්තේය. සිද්ධියේ වීඩියෝව ඉතා දරුණු ලෙස පැතිර ගියේය. පුවත්පත් සහ සමාජ මාධ්‍ය විසින් මෙම මනුෂ්‍යයා කළ දේ “තිරිසන්කමක්” හැටියට පෙන්නුම් කළහ. නමුත් මෙම වීඩියෝව නැරඹූ අය මුළු කථාවම දැන සිටියේ නැත. මීට පෙර මෙ පිරිමි ළමයාට බෝලයක් උදුරා ගැනීමට මෙම මනුෂ්‍යයා උපකාර කර ඇති අතර ඔවුන්ට ලැබෙන අමතර බෝල බෙදා ගැනීමට ඔවුන් දෙදෙනා එකඟ වී තිබුණි. අවාසනාවට, සත්‍යය කථාව ඉස්මතු වීමට පැය විසිහතරක් ගත වුනි. මැර පිරිස ඒ වන විටත් අහිංසක මනුෂ්‍යයෙක්ව යක්‍ෂ භූතයෙක් ලෙස පෙන්නුම් කර තිබුණි.

බොහෝ විට අපට කථාවේ කොටස් පමණක් තිබෙන විට අපි සිතන්නේ අපට සියලු කරුණු තිබෙන බවයි. අපගේ නූතන සමාජ මාධ්‍යයේ සංස්කෘතිය තුළ නාට්‍යමය වීඩියෝ දර්ශන සහ ගිනි අවුලුවන ට්වීටර් සමග සම්පූර්ණ කථාව ඇසීමෙන් තොරව මිනිසුන් හෙළා දැකීම පහසුය. කෙසේ වෙතත් “බොරු ප්‍රවෘත්තියක් පළ නොකරන්න” කියා දේව වචනය අපට අනතුරු අඟවයි (නික්මයාම 23:1). චෝදනා ඉදිරිපත් කිරීමට පෙර සත්‍යය තහවුරු කිරීමට හැකි සෑම දෙයක්ම අප විසින් කළ යුතු වන අතර අසත්‍ය ප්‍රකාශ කිරීමට සහභාගී නොවිය යුතුය. සුපරික්‍ෂාකාරී විය යුතු ස්වභාවයක් අපව අල්ලා ගන්නා විටද රාගය ඇවිළෙන විට සහ විනිශ්චයේ රැළි ඉස්මතු වන විට අපි ප්‍රවේසම් විය යුතු වන්නෙමු. “වැරදි කරන සමුහයා අනුගමනය කිරීමෙන්” අපව ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍යයි (2 පදය).

යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් වශයෙන් අසත්‍යයන් පතුරුවා නොහැරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා. ප්‍රඥාව ප්‍රදර්ශනය කිරීමටත් අපගේ වචන සත්‍යය බව සහතික කිරීමටත් අපට අවශ්‍ය දේ උන්වහන්සේ ලබා දෙන සේක්වා.