සෑම සිකුරාදා දිනකම මගේ පවුලේ අය නරඹන ජාතික ප්‍රවෘත්ති විකාශය අවසන් වන්නේ ධෛර්්‍යය ඇති කරවන කථාවක් ඉස්මතු කරමිනි. අනෙක් ප්‍රවෘත්ති වලට වඩා වෙනස්ව එය සෑම විටම නැවුම් බවක් ගෙන දුන්නේය. මෑතකදී “යහපත්” සිකුරාදා කථාව යොමු වූයේ කෝවිඩ්-19 රෝගයෙන් පීඩා විඳි සම්පූර්ණ සුවය ලැබූ පසුව වෛරසයට එරෙහිව සටන් කරන අයට උපකාර කරන පිණිස ප්ලැස්මා පරිත්‍යාග කිරීමට තීරණය කළ එක් වාර්ාතාකරුවෙක් ගැනයි. ඒ කාලය වන විටත් ප්‍රතිදේහ කෙතරම් ඵලදායිද කියා ජූරි සභාව තීරණය කර නොතිබුණි. නමුත් අපගෙන් බොහෝ දෙනෙකුට අසරණ කමක් දැණුනු විට සහ ප්ලැස්මා පරිත්‍යාග කිරීමේ අපහසුතාවය (ඉඳි කටුවක් හරහා) පවා ඇයට දැණුනේ “ගෙවා දැමිය හැකි දෙයක් වෙනුවෙන් කරන ඉතා සුළු මිළයක්” ලෙසටය.

එම සිකුරාදා විකාශනයෙන් පසුව මගේ පවුලේ අයට සහ මට ධෛර්්‍යයක් ලැබුණි. එසේම අප යම් බලාපොරොත්තුවකින්ද පිරුණි. පිලිප්පි 4 හි පාවුල් තුමා විස්තර කර ඇති “යම් පමණ දේවල්” වල බලය එයයි. “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇත්ද” (8 පදය) යනුවෙනි. ප්ලැස්මා පරිත්‍යාග කිරීම පාවුල්ගේ මතකයේ තිබුණේද? ඇත්ත වශයෙන්ම නැත. නමුත් අවශ්‍යතාවයෙන් සිටින අය වෙනුවෙන් පූජාවේ ක්‍රියාවක් ඔහුගේ සිත තුළ තිබුණේද. වෙනත් වචන වලින් කියනවා නම් ක්‍රිස්තුස්වහන්සේ මෙන් හැසිරීමේ සිතුවිල්ල තිබුණේද? පිළිතුර එසේය යන්න බවට මට සැකයක් නැත.

නුමුත් එම බලාපොරොත්තුව සහිත ප්‍රවෘත්තිය විකාශය නොවුනේ නම් එහි පූර්ණ බලපෑමක් ඇති නොවනු ඇත. අප අවට තිබෙන “යම් පමණ දේවල්” සොයා බලා ඒවාට සවන් දී අන් අය දිරිමත් වන පිණිස යහපත් ප්‍රවෘත්තිය අන් අය සමග බෙදා ගනිමින් දෙවියන්වහන්සේගේ සාක්‍ෂිකරුවන් වීම අප ලබන වරප්‍රසාදයකි.