තම පුතාගේ ඇබ්බැහි වීම ගැන අධික ලෙස දැණුනු සියේරා දුක් වූවාය. “මට නරකක් දැනෙනවා” ඇය පැවසුවාය. “මම යාච්ඤා කරන විට මට හඬන එක නවත්වා ගන්න නොහැකි නිසා මට විශ්වාසයක් නැහැ කියා දෙවියන්වහන්සේ සිතනවා ඇද්ද?”

“දෙවියන්වහන්සේ කුමක් සිතනවාද කියා මම දන්නේ නැහැ” මම කීවෙමි. “නමුත් උන්වහන්සේට සැබෑ හැඟීම් පාලනය කළ හැකි බව මම දන්නවා. අපේ හැඟීම් උන්වහන්සේ නොදන්නවා නොවේ”. සියේරාගේ පුතා ගළවා ගන්නා ලෙස ඉල්ලා මමත් ඈ සමග කඳුළු සළමින් යාච්ඤා කළෙමි”.

අරගල මධ්‍යයේ මනුෂ්‍යයින් දෙවියන්වහන්සේ සමග පොර බදිමින් සිටින බවට බොහෝ උදාහරණ දේව වචනයේ අඩංගු වන්නේය. 42 වන ගීතාවලියේ රචකයා දෙවියන්වහන්සේගේ නිරන්තර හා බලවත් අභිමුඛය තුළින් සාමය අත්විඳීමට දැඩි ආශාවක් ප්‍රකාශ කරයි. ඔහු විසින් විඳ දරාගත් වේදනාවන් ගැන ඔහුගේ කඳුළු සහ ශාංකාවන් ඔහු පිළිගන්නේය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔහුටම මතක් කිරීමෙන් ඔහුගේ අභ්‍යන්තර කැළඹිලි ස්වභාවය ඉවත් වී විශ්වාස ප්‍රශංසාවන් ගලන්න පටන් ගන්නේය. ඔහුගේ “ආත්මය” ධෛර්යයමත් කරමින් ගීතිකාකරු මෙසේ ලියන්නේය: “දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්න. මක්නිසාද මම තවමත් මාගේ ගැළවුම්කරුවාණන් සහ මාගේ දෙවියන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි” (11 පදය). දෙවියන්වහන්සේ ගැන සත්‍යය යැයි ඔහු දන්නා දේ සහ ඔහුගේ හැඟීම් වසන් නොකිරීම යන මේ දෙක අතර පොර බැදීමක ඔහු යෙදී සිටියි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ හැඟීම් සමග අපව නිර්මාණය කළ සේක. අන් අය වෙනුවෙන් අප හළන කඳුළු ඔවුන් කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමය සහ අනුකම්පාව පෙන්වනවා මිස ඇදහිල්ලේ අඩුවක් ඉන් පෙන්නුම් නොකෙරේ. අමු තුවාල හෝ පැරණි කැළැල් සමග අපට දෙවියන්වහන්සේ ඉදිරියටට පැමිණිය හැක්කේ අපට හැඟෙන බව උන්වහන්සේ දන්නා හෙයිනි. නිශ්ශබ්දව හෝ ඉකි ගසමින් හෝ ස්ථීර කෑ ගැසීමෙන් හෝ අප කරන යාච්ඤාව, අපට සවන් දීමට සහ රැක බලා ගැනීමට දුන් පොරොන්දුව කෙරෙහි අප දක්වන විශ්වාසය පෙන්නුම් කරයි.