අළුයම 1.55 බව ඔරලෝසුව පෙන්නුම් කළේය. රාත්‍රියේ කෙටි පණිවුඩ සංවාදයකින් පසුව මනස බරවී තිබුණු නිසා නිදා ගැනීම අපහසු වුනි. මම මගේ ඇඳ ඇතිරිල්ල සහ කොට්ටය ගෙන හෙමින් සීරුවේ කවිච්චිය වෙතට ගියෙමි. නිදා ගැනීමට කුමක් කළ යුතුදැයි මම ගූගල් කර බැලීමි. එසේ වූවත් හමුවූයේ නොකළ යුතු දේවල්ය. දවල්ට නිදා ගන්න හෝ තේ/කෝපි පානය නොකරන්න. දවසේ අග භාගයේදී වෙහෙස නොවන්න. තවදුරටත් මේ ගැන සොයා බැලිමේදී මට හමුවූයේ බොහෝ රෑ වන තුරු දුරකථනයේ හෝ රූපවාහිනිය දෙස බලා නොසිටින්න කියාය. “අහෝ කෙටි පණිවුඩ යැවීම හොඳ අදහසක් නොවුනි. හොඳින් විවේක ගැනීමට නම් නොකළ යුතු දේ ගැන ලැයිස්තුවක් තිබේ”.

පරණ ගිවිසුමේ විවේකය ලබා ගැනීම සඳහා සබත් දවසේදී නොකළ යුතු දේ පිළිබඳ නීති රීති දෙවියන් වහන්සේ ඉදිරිපත් කළ සේක. අලුත් ගිවිසමේ යේසුස්වහන්සේ නව ක්‍රමයක් ඉදිරිපත් කළ සේක. රෙගුලාසි අවධාරණය කරනවා වෙනුවට යේසුස්වහන්සේ ගෝලයන්ව සම්බන්ධතාවයකට කැඳවූ සේක. “වෙහෙස වන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28). පෙර පදයේ යේසුස්වහන්සේ තම පියාණන් එනම් උන්වහන්සේව අපට එළිදරව් කළ තැනන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය හා එකමුතුකම පෙන්වා දෙන සේක. යේසුස්වහන්සේ තම පියාණන්ගෙන් අඛණ්ඩව භුක්ති විඳි උපකාරයන් අපටද එසේම භුක්ති විඳිය හැකිය.

අපගේ නින්දට බාධා කළ හැකි ඇතැම් විනෝද ජනක දේ වළක්වා ගැනීමට අප ඥානවන්ත වූවත් ක්‍රිස්තුස් වහන්සේ තුළ හොඳින් විfවේක ගැනීමට සම්බන්ධතාවයන් වලට රෙගුලාසි වලට වඩා වැඩි දෙයක් තිබේ. මම කියවමින් සිටි දෙය විසන්ධි කර මගේ බරවූ හදවත යේසුස්වහන්සේගේ ආරාධනාව වන “මා වෙතට එන්න” යන කොට්ටය මත තැබුවෙමි.