ස්ලීපි හොලෝගේ පුරාවෘත්තයේ, වොෂිංටන් අර්වින් පවසන්නේ ඊකාබෝද් ක්‍රේන් නම් පාසැල් ගුරුවරයෙක් කැටි්‍රනා නම්වූ රූමත් තරුණියක් විවාහ කර ගැනීමට ගන්නා උත්සාහයක් ගැනයි. කථාවේ ඉතා ප්‍රධාන දෙය වන්නේ යටත් විජිත ගම්බද ප්‍රදේශවල හොල්මන් කරන හිස නැති අශ්වාරෝහකයෙක් ගැනයි. එක් රාත්‍රියක ඊකාබොද් අශ්වයෙක් පිට යන අවතාරයක පෙනුමක් ඇති දෙයක් දැක භීතියෙන් කලාපය වෙතින් පලා යයි. මෙම අශ්වාරෝහකයා ඇත්ත වශයෙන්ම පසුව කැටි්‍රනා සමග විවාහ වන විවාහ අපේක්‍ෂකයෙක් බව පසුව පාඨකයාට පැහැදිළි වන්නේය.

ඊකාබොද් යන නාමය පළමුව බයිබලයේ දකින්නෙමු. එයටද අඳුරු පසුබිමක් ඇත. පිලිස්තිවරුන් සමග යුද්ධ කරද්දී ඉශ්‍රායෙල්වරු ශුද්ධවූ ගිවිසුම් පෙට්ටියද සටනට ගෙන ගියහ. වැරදි පියවරකි. ඉශ්‍රායෙල් හමුදාව පන්නා දමා ගිවිසුම් පෙට්ටිය අල්ලා ගන්නා ලදී. උත්තම පුජක ඒලීගේ පුතුන් වන හොප්නී සහ පිනෙහාස් මරා දමන ලදී (1 සාමුවෙල් 4:17). එලීද මිය යනු ඇත (18 පදය). පිනෙහාස්ගේ ගැබිනි බිරිඳ මෙම ආරංචිය ඇසූ විිගස “ඇයට ප්‍රසව වේදනාව ඇතිවී දරුවෙක් බිහි කළත් වේදනාවෙන් මිය ගියාය” (19 පදය). ඇගේ අන්තිම වචන වලින් ඇය තම පුතාට ඊකාබොද් (අර්ථය නම් මහිමයක් නැත යන්නයි) යන නම තැබුවාය. “තේජස ඉශ්‍රායෙල් කෙරෙන් පහව ගියේ යයි ඇය කීවාය” (22 පදය).

දෙවියන්වහන්සේ ඊට වඩා විශාල කථාවක් දිග හරිමින් තිබීම සතුටට කරුණකි. උන්වහන්සේගේ මහිමය අවසානයේ යේසුස්වහන්සේ තුළින් හෙළි වනු ඇත. යේසුස්වහන්සේ තම ගෝලයන් ගැන කථා කරමින් “ඔබ (පියාණන්වහන්සේ) මට දුන් මහිමය මම ඔවුන්ට දුන්නෙමි” (යොහන් 17:22) යයි පියාණන්වහන්සේට කී සේක.

අද ගිවිසුම් පෙට්ටිය කොහේදැයි කිසිවෙක් දන්නේ නැත. නමුත් එයට කමක් නැත. ඊකාබොද් පලා ගොස් ඇත. යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මහිමය ලබා දී ඇත.