ඉන්දියාවේ මයිසූර් නගරයේ නවීකරණය කරන ලද දුම්රිය පෙට්ටි දෙකක් සම්බන්ධ කිරීමෙන් කුඩා පාසැලක් සාදා ඇත. ඉවත ලන ලද දුම්රිය පෙට්ටි මිළදී ගැනීමට දේශීය අධ්‍යාපන ගුරු සංගමය නිරිත දිග දුම්රිය සමාගම සමග සම්බන්ධ විය. මෙම ඒකක විශාල ලෝහ පෙට්ටි විය. නමුත් කම්කරුවන් විසින් පඩි පෙළ, විදුලි පංකා, විදුලි පහන් සහ මේස සවිකර බිත්තිවලට තීන්ත ආලේප කර ඇතුළත හා පිටත වර්ණවත් බිතු සිතුවම් එකතු කර අලුත්වැඩියා කාර්්‍යයන් කරන තුරු ඒවා පාවිච්චියට නුසුදුසු වුනි. මෙම අලුත්වැඩියා කිරීම තුළින් සිදුවූ පරිවර්තනය නිසා දැන් සිසුන් හැටක් එහි පන්තිවලට සහභාගී වෙති.

ඊටත් වඩා විශ්මයජනක දෙයක් වන්නේ “සිත අලුත්කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වන්න” (රෝම 12:2) යන අපෝස්තලු පාවුල්ගේ ආඥාව අනුව යාමයි. ලෝකයෙන් සහ එහි මාර්ග වලින් අපව මුදා ගැනීමට ශුද්ධාත්මයාණන් වහන්සේට අප ඉඩ දෙන විට අපගේ සිතුවිලි සහ ආකල්ප වෙනස් වීමට පටන් ගන්නේය. අපි වඩාත් ආදරණීය බලාපොරොත්තු සහගත සහ අභ්‍යන්තර සාමයෙන් පිරුණු අය වන්නෙමු (රෝම 8:6).

තවත් දෙයක්ද සිදුවන්නේය. මෙම පරිවර්තන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන අතර බොහෝ විට දුම්රිය ගමනකට වඩා නැවතුම් සහ ආරම්භයන් ඇතත් අපගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේට අවශ්‍ය දේ තේරුම් ගැනීමට මෙම ක්‍රියාවලිය උපකාර වන්නේය. එය අපව “දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා දැන ගන්නා” (12:2) ස්ථානයකට ගෙන යයි. උන්වහන්සේගේ කැමැත්ත ඉගෙන ගැනීමට විශේෂතා ඇතුළත් වීමට හෝ නොතිබීමට හැකිය. නමුත් එය සෑම විටම උන්වහන්සේගේ චරිතය හා ලෝකයේ උන්වහන්සේගේ කාර්්‍යයන් සමග අපව පෙළ ගස්වනු ඇත.

ඉන්දියාවේ මෙම පරිවර්තනය කරන ලද පාසැලේ නම වන “නාලි කාලි” යන්නෙහි තේරුම ඉංග්‍රීසි භාෂාවෙන් “ප්‍රීතිමත් ඉගෙනීම” වන්නේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන ප්‍රීතිමත්ව ඉගෙනීමට දෙවියන් වහන්සේගේ පරිවර්තන බලය ඔබව යොමු කරන්නේ කෙසේද?