නම් තුනකින් අප ජීවිතය ගත කරන බව කෙනෙක් කියා සිටියේය. අපේ දෙමාපියන් අපට දුන් නම, අන් අය අපට දෙන නම (අපගේ ප්‍රසිද්ධිය අනුව) සහ අපි අපට දෙන නම (අපගේ චරිතය අනුව) යනාදියයි. අන් අය අපට දෙන නම වැදගත් වන්නේ “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන් රිදී වලට වඩා කරුණාවද අගනේය” (හිතෝපදේශ 22:1) යනුවෙන් සඳහන් වන හෙයිනි. නමුත් ප්‍රසිද්ධියද වැදගත් වන අතර චරිතය වඩාත් වැදගත් වේ.

ඊටත් වඩා වැදගත් තවත් නමක් තිබේ. යේසුස්වහන්සේ පර්ගමම්හි කිතුනුවන්ට කීවේ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ කීර්ති නාමයට හොඳ ප්‍රතිඵල නොලැබුණත් නැවත සටන් කොට පරීක්‍ෂාවන් ජය ගන්නා අය සඳහා ස්වර්ගයේ නව නමක් වෙන් කර ඇති බවයි. “ජය ගන්නාට ….. ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි” (එළිදරව් 2:17).

යේසුස්වහන්සේ සුදු ගලක් පොරොන්දු වූයේ මන්දැයි අපට කිව නොහැක. එය ජයග්‍රහණය සඳහා වූ සම්මානයක්ද? මෙසියස් භෝජන සංග්‍රහයට අතුළත් වීමේ සංකේතයක්ද? සමහර විට එය නිදොස් කිරීමට ජූරි සභිකයින් භාවිත කළ දෙයට සමාන විය හැකිය. අපි නොදන්නෙමු. එය කුමක් වූවත් දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ අපගේ නව නාමය අපගේ ලැජ්ජාව පිස දමන බවයි (යෙසායා 62:1-5 බලන්න).

අපගේ කීර්ති නාමය හීන වී යා හැකි අතර අපගේ චරිතය අළුත්වැඩියා කළ නොහැකි බවක් පෙනෙන්නට පුළුවන. නමුත් මේ කිසිම නමක් අවසානයේ අපව අර්ථ දක්වන්නේ නැත. අනෙක් අය ඔබට කියන නම හෝ ඔබ ඔබට කියන නම හෝ මෙහිදී වැදගත් නොවන්නේය. යේසුස්වහන්සේ ඔබව අමතන්නේ කෙසේද? ඔබගේ අලුත් නමට අනුව ජීවත් වන්න.