දැඩි වේදනාවක් සහ මගේ ශරීරය දුර්වල කරන හිසරදයක් නිසා මගේ ප්‍රාදේශීය සභා පවුලේ අය සමග නමස්කාර කිරීමට තව වතාවක් මට නොහැකි වුනි. ප්‍රජා නමස්කාරය නැතිවීම ගැන දුක් වූ මා මාර්ගගත (ඔන්ලයින්) දේශයනයකට සවන් දුන්නෙමි. මුලදී මගේ අත්දැකීම් පැමිණිලි සොයන්නට පටන් ගත්තේය. දුර්වල ශබ්ද සහ වීඩියෝ ගුණාත්මක භාවය මගේ අවධානය වෙනතකට යොමු කළේය. නමුත් පසුව වීඩියෝවෙන් හුරුපුරුදු ගීතිකාවක හඬක් නැගුණි. මම ඒ වචන ගයද්දී කඳුළු ගලා ගියේය. “මාගේ හදවතේ ස්වාමිනී, ඔබවහන්සේ මාගේ දර්ශනය වන්න. ඔබ හැර වෙන කිසිවෙකු මට නැත. දිවා රෑ දෙකෙහිම ඔබ මාගේ සිතුවිල්ල වේ. අවදිවීම හෝ නිදාගැනීම. ඔබවහන්සේගේ අභිමුඛය මාගේ ආලෝකයයි”. දෙවියන් වහන්සේගේ නිරන්තර අභිමුඛයේ ත්‍යාගය ගැන අවධානය යොමු කරමින් මම මාගේ විසිත්ත කාමරයේ වාඩිවී උන්වහන්සේට නමස්කාර කළෙමි.

සාමුහික නමස්කාරයේ අත්‍යවශ්‍ය බව දේව වචනයේ සනාථ කරන අතර (හෙබ්‍රෙව් 10:25) දෙවියන් වහන්සේ දේවස්ථානයේ ගොඩනැගිල්ලට සීමා වී නැත. ළිඳ අසළ සමරිතානු ස්ත්‍රිය සමග යේසුස්වහන්සේ කළ කථා බහ අතර තුර උන්වහන්සේ මෙසියස්ගේ සියලු බලාපොරොත්තු ප්‍රතික්‍ෂේප කළ සේක (යොහන් 4:9). ඇය ළිඳ අසළ සිටගෙන සිටිද්දී හෙළා දැකීම වෙනුවට යේසුස්වහන්සේ ඇයට සත්‍යය කථා කර ප්‍රේමය පෙන්වූ සේක (10 පදය). උන්වහන්සේගේ දරුවන් ගැන උන්වහන්සේගේ ආත්මීය සහ උත්කෘෂ්ඨවත් ප්‍රඥාව උන්වහන්සේ එළිදරව් කළ සේක (17-18 පද). තම දේවත්වය ප්‍රකාශ කරමින් යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ ශුද්ධාත්මයාණන් වහන්සේ සැබෑ නමස්කාරය ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ සෙනගගේ හදවත් වලින් මිස නිශ්චිත භෞතික ස්ථානයකින් නොවන බවයි (23-24 පද).

දෙවියන්වහන්සේ කවුද කියාත් උන්වහන්සේ කර ඇති දේ ගැනත් සහ උන්වහන්සේ පොරොන්දු වූ සියල්ල කෙරෙහිත් අප අවධානය යොමු කරන විට අපි වෙනත් ඇදහිලිවන්තයන් සමගද අපගේ විසිත්ත කාමරයේ සිට හෝ වෙනත් ඕනෑම තැනක සිට හෝ උන්වහන්සේට නමස්කාර කරද්දී උන්වහන්සේගේ නිරන්තර අභිමුඛයේ අපට ප්‍රීතිය භුක්ති විඳිය හැකිය.