හැනා විල්බර්ෆෝර්ස් (බ්‍රිතාන්‍යයේ යමක් අහෝසි කරන්නෙක්වූ විලියම් විල්බර්ෆෝර්ස්ගේ නැන්දණිය) මිය යද්දී ලිපියක් ලියමින් එහි යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක්ගේ මරණය ගැන ඇසූ දෙයක් සඳහන් කළාය. “නොදැක්කත් ඔහු ප්‍රේම කළ යේසුස්වහන්සේ ඉදිරියෙහි මියගිය ප්‍රේමණීය මනුෂ්‍යයා සන්තෝෂයෙන් සිටින්නේය. මගේ හදවත ප්‍රීතියෙන් පිරුණු බවක් පෙන්වන්නේය”. ඉන්පසු ඇය තමාගේ තත්ත්වය විස්තර කළාය. “මම, හොඳින් හා නරකින්. යේසුස්වහන්සේ සදහටම යහපත්ය”.

ඇගේ වචන මට 23 වන ගීතිකාව ගැන සිතීමට සළස්වයි. එහි දාවිත් මෙසේ ලිවේය : “එසේය. මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමගය” (4 පදය). එම වචන දේව වචනයෙන් ඉස්මතුවී පෙනෙන්නේ එවැනි දෙයක් තිබෙන නිසාය. මරණ සෙවණේ මිටියාවත මධ්‍යයේ දෙවියන්වහන්සේ ගැන දාවිත් කරන විස්තරය ගැඹුරින්ම පෞද්ගලික එකක් බවට හැරෙන්නේය. ගීතිකාව ආරම්භයේදීම ඔහු දෙවියන්වන්සේ ගැන කථා කරමින් “ස්වාමින්වහන්සේ මාගේ එඬේරාය” (1 පදය) යනුවෙන් කියා දෙවියන්වහන්සේට කථා කරමින් “මක්නිසාද ඔබ මා සමගය” (4 පදය) යනුවෙන් කියන්නේය.

“මුළු ලෝකයම බිහි කළ” (90:2) සර්ව බලධාරී දෙවියන්වහන්සේ කෙතරම් දයාවන්තද කියා කිවහොත් ඉතාමත් දුෂ්කර අවස්ථාවන්වලදී පවා උන්වහන්සේ අප සමග ගමන් කරන සේක. අපගේ තත්ත්වයන් හොඳ වූවත් නරක් වූවත් අපගේ එඬේරාණන්, ගැළවුම්කරුවාණන් සහ මිතුරා වෙතට හැරී “සදහටම යහපත්” වන උන්වහන්සේව අපට සොයා ගත හැකිය. කෙතරම් යහපත්ද කියා කිවහොත් මරණය පවා පරාජය කර අපි “සදාකල්ම ස්වාමින්ගේ ගෘහයෙහි වාසය කරන්නෙමු” (6 පදය).