තම මිතුරියන් සමග පැසිපන්දු ක්‍රීඩා කරද්දී ඇම්බර්ට තේරුම් ගියේ සමස්ථ කාන්තා කණ්ඩායම මගින් තම ප්‍රජාවට ප්‍රයෝජන ලබා ගත හැකි බවයි. එබැවින් ඇය කණ්ඩායම් ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ ඊළඟ පරම්පරාවට බලපෑම් කිරීමට ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කළාය. හූප් කාන්තා සංවිධානයේ නායිකාවන් කාන්තාවන් සහ දැරියන් තුළ විශ්වාසය සහ චරිතය ගොඩ නැගීමට වෙහෙසෙමින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔවුන්ව දිරි ගන්වති. දැන් අනෙක් ගැහැණු ළමුන්ට උපදේශනය සපයන මුල් ක්‍රීඩිකාවක් පැවසුවේ “අප අතරේ බොහෝ සුහදතා තිබේ. මෙය මට මග හැරුණු දෙයකි. අපි එකිනෙකාට විවිධාකාරයෙන් සහයෝගය දෙන්නෙමු. දැරියන් සාර්ථක වී වර්ධනය වෙනවා දැකීම මට සතුටකි” යනුවෙනි.

දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුව වන්නේද තම සෙනග එකිනෙකාට උපකාර කිරීම සඳහා එක්සත් වීමයි. අපෝස්තලු පාවුල් තෙසලෝනිකවරුන්ගෙන් ඉල්ලා සිටියේ “එකිනෙකාට අවවාද කොට එකිනෙකා වර්ධනය කරන්න” (1 තෙසලෝනික 5:11) යනුවෙනි. අපගේ ජීවිතවලට උපකාරයක් වන පිණිස දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ පවුලට එකතු කර ඇත්තේය. ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවන මාවතේ දිගටම ගමන් කිරීමට අපට එකිනෙකා අවශ්‍ය වන්නේය. සමහර විට එයින් අදහස් කරන්නේ අරගලයක් තුළින් යන කෙනෙකුට ඇහුම්කන් දීම, ප්‍රායෝගික අවශ්‍යතාවයක් සපුරාලීම, හෝ දිරිගැන්වීමේ වචන කිහිපයක් කථා කිරීම වන්නේය. අපට සාර්ථකත්වය සැමරීමට හෝ දුෂ්කරතාවයකදී ශක්තිය ඉල්ලා යාච්ඤා කිරීමට හෝ ඇදහිල්ල වර්ධනය කර ගැනීමට එකිනෙකාට අභියෝග කිරීමට හෝ පුළුවන. සෑම දෙයකදීම අප උත්සාහ කළ යුත්ත් “එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් වූ දේ කරන්නය” (15 පදය).

එකට එක්ව දෙවියන්වහන්සේව විශ්වාස කිරීම සඳහා යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් සමග එක්වන විට අපට මොනතරම් සුන්දරත්වයක් භුක්ති විඳිය හැකිද?