ඔබ ඔබේ ටෝස්ටරයේ ප්ලග් එක සොකට් එකට ඇතුල් කරන විට දහනව වන ශත වර්ෂයේ අග භාගයේ ඇතිවූ “දරුණු ආරවුලක” ප්‍රතිඵලවලින් ඔබ ප්‍රයෝජන ලබන්නේය. එවකට නව නිපැයුම් කරුවන් වන තෝමස් එඩිසන් සහ නිකොලා ටෙස්ලා සටන් කළේ සංවර්ධනය සඳහා හොඳම විදුලිය සෙවීමටයි. එනම් : සෘජු ධාරාව (ඩීසී) වන බැටරියේ සිට විදුලි පන්දමකට යන ධාරාවද නැත්නම් විද්‍යුත් ස්පර්ශයකින් (සොකට්) අපට ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාවද (ඒසී) යන්නයි.

අවසානයේදී ටෙස්ලාගේ ඒසී අදහස ක්‍රියාත්මක වන අතර එයින් ලොව පුරා නිවාස, ව්‍යාපාර සහ ප්‍රජාවන් සඳහා විදුලිය සැපයේ. විශාල දුරක් හරහා විදුලිය යැවීමට ඒසී වඩාත් කාර්යයක්‍ෂම වූ අතර එය වඩාත් ඥානවන්ත තේරීමක් බවද ඔප්පු විය.

සමහර විට යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් අතර සැළකිල්ල පිළිබඳ ප්‍රශ්න මතුවන විට අපට ප්‍රඥාව අවශ්‍ය වන්නේය (රෝම 14:1-12 බලන්න). එවැනි කාරණාවලදී පැහැදිළි බවක් ලබා ගැනීම සඳහා දෙවියන්වහන්සේගෙන් උපකාර ලබා ගන්නා ලෙසට අපෝස්තලු පාවුල් අපෙන් ඉල්ලා සිටියි. ඔහු පැවසුවේ
“නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම් ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව් කරනවා ඇත” (පිලිප්පි 3:15) කියාය. පද කිහිපයකට පසු පාවුල් තුමා ශෝකයට පත් කළ ගැටුමක් බවට පත් වූයේ වෙනස් මතයන් නිසා දෙදෙනෙකුගේ වෙන්වීම බව අපි දකින්නෙමු. “ස්වාමින්වහන්සේ තුළ එක්සිත් වන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි. සින්තිකීගෙන්ද ඉල්ලමි” (පිලිප්පි 4:2).

මතභේදයක් අපව වෙන් කිරීමට පටන් ගන්නා සෑම අවස්ථාවකදීම දේව වචනයේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සහ ප්‍රඥාවද පරිණත ඇැදහිලිවන්තයන්ගේ උපදෙස් සහ යාච්ඤාවේ බලයද අපි සොයා බලමු. උන්වහන්සේ තුළ “එකම මනසකින්” සිටීමට උත්සාහ කරමු (2 පදය).