පියා නැතුව හැදුණු වැඩුණූ රොබ්ට දැණුනේ පියවරුන් බොහෝ විට තම දරුවන්ට ලබා දෙන ප්‍රායෝගික ප්‍රඥාව තමාට අහිමි වූ බවයි. වැදගත් ජීවන කුසලතා නොමැතිව කිසිවෙක් සිටිනවාට අකමැති වූ රොබ් ප්‍රායෝගික පාඩම් මාලාවක් “තාත්තා, මම කොහොමද?” යන මාතෘකාව යටතේ රාක්කයක් සාදා ගන්නා ආකාරයේ සිට වාහනයක ටයරය මාරු කරන්නේ කෙසේද යන්න දක්වා සියල්ල දැක්වෙන වීඩියෝ පට නිකුක් කළේය. ඔහුගේ කාරුණික දයානුකම්පාව සහ උණුසුම් ශෛලිය සමග රොබ් මිලියන ගණනක් ග්‍රාහකියන් එක් රැස් කරමින් යූ ටියුබ් සංවේදිතාවයක් බවට පත් වූයේය.

අපගෙන් බොහෝ දෙනෙක් දෙමව්පියන්ගේ ගුණාංග තිබෙන ඒ වගේම අපට වටිනා කුසලතා ඉගැන්වීමට මෙන්ම දුෂ්කර අවස්ථාවන් තුළින් යාමට උපකාරීවන අය සොයන්නෙමු. ඉශ්‍රායෙල්වරුන් සමග ඊජිප්තුවේ වහල් භාවයෙන් පලා ගොස් ජාතියක් ලෙසින් ස්ථාපිත වෙද්දී මෝසෙස්ටද යම් ප්‍රඥාවක් අවශ්‍ය වුනි. ජනතාව අතර ආරවුල් සමථයකට පත් කිරීම මෝසෙස්ට පීඩාවක් ගෙන දුන් බව ඔහුගේ මාමණ්ඩිය වන ජෙත්‍රෝ දුටුවේය. එබැවින් ජෙත්‍රෝ මෝසෙස්ට නායකත්වයේ වගකීම පවරන්නේ කෙසේද යන්න පිළිබඳව කල්පනාකාරීව උපදෙස් ලබා දුන්නේය ( නික්මයාම 18:17-23). “මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කළේය” (24 පදය).

අපි සියලු දෙනාටම ප්‍රඥාව අවශ්‍ය බව දෙවියන්වහන්සේ දන්නා සේක. සමහරු ඥානවන්ත උපදෙස් දෙන දේව භක්තික දෙමාපියන්ගෙන් ආශිර්වාද ලැබිය හැකිය. සමහරුන්ට එසේ නොවේ. නමුත් ඉල්ලන සියල්ලන්ට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඉතාමත්ම අගනේය (යාකොබ් 1:5). උන්වහන්සේ දේව වචනයේ පිටු පුරාම ප්‍රඥාව ලබා දී ඇති අතර අප නිහතමානීව සහ අවංකව ඥානවන්තයන්ට සවන් දෙන විට අපවද
“ප්‍රඥාවන්තයන් අතර ගණන් ගනු ලැබේ” (හිතෝපදේශ 19:20) කියාද අන් අය සමග බෙදා ගැනීමට අපට ප්‍රඥාව ඇති බවද අපට මතක් කර දෙන්නේය.