කෝවිඞ්-19 වසංගතය අතරතුර බොහෝ සිංගප්පූර් වැසියන් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිවසේ රැඳී සිටියහ. නමුත් මම ඉතා සතුටින් පිහිනීම කර ගෙන ගියේ එය ආරක්‍ෂාකාරී යයි විශ්වාස කරමිනි.

කෙසේ වෙතත් මගේ භාර්යයාව බිය වූයේ පොදු පිහිනුම් තටාකයේදී මට ආසාදනයක් ඇති වුවහොත් එය ඇගේ මහලු මවට සෑදෙයි කියාය. මක්නිසාදයත් අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට මෙන් ඇයටද වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබුණු හෙයිනි. “මා වෙනුවෙන් ඔබට ටික කාලයක් පිහිනීමෙන් වැළකී සිටිය හැකිද?” කියා ඇය ඇසුවාය.

ඇත්තේ සුළු අවදානමක් බව කියා මුලදී මට තර්ක කිරීමට අවශ්‍ය වුවත් ඇයගේ හැඟීම් මෙයට වඩා වැදගත් බව මට වැටහුණි. එතරම් වැදගත් නැති දෙයක් කිරීමෙන් අනවශ්‍ය ලෙස ඇයව කණස්සල්ලට පත් කරවන පිහිනීමට මම යොමු වන්නේ ඇයි?

රෝම 14 වන පරිච්ඡේදයේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් යම් ආහාර අනුභව කළ යුතුද නැතහොත් සමහර උත්සව සමරන්නේද වැනි කාරණා ගැන පාවුල් කථා කළේය. සමහරු තම අදහස් අන් අය මත පැටවීම ගැන ඔහු සැළකිලිමත් විය.

රෝමයේ සභාවටත් අපටත් පාවුල් මතක් කර දෙන්නේ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් වෙනස් ආකාරයෙන් සිද්ධීන් දෙස බැලිය හැකි බවයි. අපගේ ආකල්ප හා ක්‍රියාකලාපද ගොඩ නගා තිබෙන්නේ අපගේ විවිධ පසුබිම් මතය. එම නිසා ඔහු ලිවේ “එබැවින් අප තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චය කර ගන්න” කියාය ((13 පදය).

අනෙකුත් ඇදහිලිවන්තයන්ට උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට උපකාර වන පිණිස දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපට විශාල නිදහසක් ලබා දෙන්නේය. ශුභාරංචියේ ඇති අත්‍යවශ්‍ය සත්‍යතාවන්ට පටහැනි නොවන නීති රීති හා ක්‍රියාවන් පිළිබඳ අපගේ විශ්වාසවලට වඩා අන් අයගේ අධ්‍යාත්මික අවශ්‍යතා ඉදිරිපත් කිරීමට අපට එම නිදහස භාවිතා කළ හැකිය (20 පදය).