“ඔහු ජීවත් වේවි” පශු වෛද්‍යවරයා පැවසීය. “නමුත් උගේ කකුල කපා ඉවත් කිරීමට සිදුවනු ඇත”. මගේ මිතුරිය ගෙන ආ බලු පැටවා මෝටර් රථයකට යටවී තිබුණි. “ඔබ අයිතිකරුද?” “ශල්‍ය කර්මය සඳහා විශාල ගෙවීමක් කරන්න තිබෙන අතර ඌ යථා තත්ත්වයට පත්වන තුරු රැක බලා ගැනීමට අවශ්‍ය වන්නේය”. “මම දැන් උගේ අයිතිකරු” කියා මගේ මිතුරිය පිළිතුරු දුන්නාය. ඇගේ කරුණාව එම සුනඛයාට ආදරණීය නිවසක අනාගතයක් ලබා දුන්නේය.

මෙපිබොෂෙත් තමාව දුටුවේ අනුග්‍රහය ලැබීමට නුසුදුසු “මළ බල්ලෙක්” ලෙසටයි (2 සාමුවෙල් 9:8). හදිසි අනතුරකින් පාද දෙකම කොර වී සිටි ඔහු ආරක්‍ෂාව ලබා ගැනීමටත් උදව් උපකාරයටත් අන් අය මත යැපුණි (4:4 බලන්න). තම සීයා වූ සාවුල් රජුගේ මරණන් පසු නව රජවූ දාවිත් එදා සාමාන්‍ය පුරුද්දක් වූ සියලු සතුරන් සහ සිංහානයට ප්‍රතිවාදීන්ව මරා දැමීමට අණ කරනු ඇතැයි ඔහු බිය විය.

එහෙත් දාවිත් තම මිතුරා වූ යොනාතාන්ට ඇති ප්‍රේමය නිසා යොනාතාන්ගේ පුත් මෙපිබොෂෙත් සෑම විටම සුරක්‍ෂිතව සිටින බවටත් තමාගේ පුත්‍රයා ලෙසට ඔහුව රැක බලා ගන්නා බවටත් සහතික කළේය (2 සාමුවෙල් 9:7). එලෙසම කලක් දෙවියන්වහන්සේගේ සතුරන් වූ මරණයට සළකුණු කරනු ලැබුවාවූ අපිත් යේසුස් වහන්සේ තුළින් ගැළවීම ලබා උන්වහන්සේ සමග ස්වර්ගයේ සදහටම ස්ථානයක් ලබා ගත්තෙමු. දේව රාජ්‍යයේ භෝජන සංග්‍රහයේදී ආහාර ගැනීම ගැන ලුක් තුමා සිය ශුභාරංචියේ විස්තර කර ඇත්තේ එයයි (ලූක් 14:15). මෙන්න අපි – රජෙකුගේ පුතුන් හා දියණියන්! අපට ලැබී ඇති අති මහත්වූ නුසුදුසුවූ කරණාව කෙතරම් ශ්‍රේෂ්ඨද! කෘතඥතාවයෙන් හා ප්‍රීතියෙන් අපි දෙවියන්වහන්සේ වෙතට ළංවෙමු.