“මට ඒක තේරෙන්නේ නැහැ” මගේ දියණිය පැන්සලය මේසය මතට දමා ගැසුවාය. ඇය ගණිත පැවරුමක් කරමින් සිටි අතර මම නිවසේ මවක්/ගුරුවරියක් ලෙස මගේ “රැකියාව” ආරම්භ කළෙමි. අපි කරදරයට පත් වුනෙමු. වසර තිහකට පෙර දශම සංඛ්‍යා භාග ලෙස වෙනස් කිරීම ගැන ඉගෙන ගත් දේ මට මතක නැත. මා දැනටමත් නොදන්නා දෙයක් ඇයට ඉගැන්වීමට මට නොහැකිය. එබැවින් අපි “ඔන්ලයින්” ගුරුවරයෙක් දක්‍ෂලෙස පැහැදිළි කරන අයුරු නැරඹුවෙමු.

මනුෂ්‍යයන් වශයෙන් අප නොදන්නා හෝ නොතේරෙන දේවල් සමග අපි ඇතැම් විට අරගල කරන්නෙමු. නමුත් දෙවියන්වහන්සේ එසේ නොවේ. උන්වහන්සේ සියල්ල දන්නා තැනන්වහන්සේය. සර්ව බලධාරී තැනන්වහන්සේය. යෙසායා මෙසේ ලිවීය : “උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්වූවෙත් කවුද? උන්වහන්සේ කා සමග මන්ත්‍රණය කළ සේක්ද? උන්වහන්සේට ගුරුකම් දී යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා දැනගැන්මද උගන්වා බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නූවේ කවුද?” (යෙසායා 40:13-14). පිළිතුර? කිසි කෙනෙක් නැත.

මිනිසුන්ට බුද්ධිය ඇත්තේ දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ හෙයිනි. නමුත් අපේ බුද්ධිය උන්වහන්සේගෙන් අල්පයකි. අපගේ දැනුම සීමිතය. නමුත් දෙවියන්වහන්සේ සදාකාලික අතීතයේ සිට සදාකාලික අනාගතය දක්වා සියල්ල දන්නා සේක (ගීතාවලිය 147:5). තාක්‍ෂණයේ ආධාරයෙන් අපගේ දැනුම අද වැඩි වෙමින් පවතී. නමුත් අපට තවමත් දේවල් වරදින්නේය. කෙසේ වෙතත් එක් දේව ධර්මාචාර්ය වරයෙක් පවසන පරිදි යේසුස්වහන්සේ “සියල්ල එක්වරම, එක විටම, පරිපූර්ණව හා සැබවින්ම” දන්නා සේක.

මිනිසුන් දැනුමෙන් කොතරම් ඉදිරියට ගියත් අපට කිසි විටෙකත් ක්‍රිස්තුස්වහන්සේගේ සර්ව දැනගැනීමේ තත්ත්වය ඉක්මවා යා නොහැක. අපගේ අවබෝධයට ආශිර්වාද කිරීමටත් යහපත් හා සත්‍ය දේ අපට ඉගැන්වීමටත් අපට සෑම විටම උන්වහන්සේව අවශ්‍ය වන්නේය.