දහනව වන ශත වර්ෂයේ මුල් භාගයේදී තෝමස් කාලයිල් විසින් දාර්ශනික ජෝර්ජ් ස්ටුවර්ට් මිල්ට සමාලෝචනය පිණිස අත් පිටපතක් ලබා දුන්නේය. කෙසේ හෝ අහම්බෙන් හෝ හිතාමතාම හෝ අත්පිටපත ගින්නකට වීසි විය. එය කාලයිල්ගේ එකම පිටපත වුනි. නැතිවූ පරිච්ඡේද නැවත ලිවීමට බිය සැක නැතුව ඔහු කටයුතු කළේය. ඔහුගේ සිතේ නොනැවතී පැවති කථාව නැවැත්වීමට ගිනිදැල් වලට නොහැකි වුනි. මහත් අලාභයක් මධ්‍යයේ පවා කාලයිල් සිය අති විශිෂ්ඨ කෘතිය වන ප්‍රංශ විප්ලවය නිෂ්පාදනය කළේය.

පුරාණ යුදාහි දිරාපත්වූ රාජධානිය විනාශ වෙමින් පවතින දිනවල දෙවියන්වහන්සේ අනාගත වක්තෘ යෙරෙමියාට කථා කොට “අකුළන පොතක් රැගෙන …. මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න” (යෙරෙමියා 36:2) කියා කී සේක. ආසන්න ආක්‍රමණ වළක්වා ගැනීම සඳහා පසුතැවිලි වන ලෙසට තමන් වහන්සේගේ සෙනඟගෙන් ඉල්ලා සිටි දෙවියන්වහන්සේගේ මුදු මොළොක් හදවත මෙම පණිවුඩයෙන් හෙළි දරව් වන්නේය (3 පදය).

යෙරෙමියා තමාට පැවසූ ලෙසම කළේය. අකුළන පොත ඉක්මණින්ම යුදාහි රජ වූ යෙහොයාකිම් වෙතට පැමිණියේය. ඔහු එය ක්‍රමානුකූලව ඉරා දමා ගින්නට විසි කළේය (23-25 පද). රජුගේ ගිනි තැබීමේ ක්‍රියාව සියල්ල නරක අතට හැරවීය. දෙවියන්වහන්සේ යෙරෙමියාට කීවේ එම පණිවුඩයම සහිත තවත් අකුළන පොතක් ලියන ලෙසටය. “ඔහුට (යෙහොයාකිම්ට) දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළ කඳ දවාලේ ශ්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළා දමනු ලබන්නේය” (30 පදය) කියා ස්වාමින්වහන්සේ කී සේක.

පොතක් ගින්නට විසි කිරීමෙන් දෙවියන්වහන්සේගේ වචනය පුළුස්සා දැමිය හැකිය. එසේ කිරීමට පුළුවන් වූවත් එය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවකි. වචන පිටුපස ඇති වචනය සදහටම පවතී.