මගේ මවගේ හදිසි මරණයෙන් පසු බිලොග්කරණය (අන්තර්ජාලය හා සම්බන්ධයි) ආරම්භ කිරීමට මම පෙළඹුණෙමි. ජීවතුන් අතර සිටිනා කාලය තුළදී සැළකිය යුතු ජීවිත අවස්ථා නිර්මාණය කිරීමට මිනිසුන් පොළඹවන ලිපි ලිවීමට මට අවශ්‍ය වුනි. ඒ නිසා මම බිලොග්කරණය සඳහා ආරම්භක මාර්ගෝපදේශයක් වෙත හැරුණෙමි. කුමණ ක්‍රමයක් භාවිතා කළ යුතුද, මාතෘකාව තෝරා ගන්නේ කෙසේද සහ බලපෑම් ඇති කරවන ලිපි සකසන ආකාරය මම ඉගෙන ගතිමි. එසේම 2016 දී මගේ පළමු බ්ලොග් සටහන බිහි විය.

සදාකාලික ජීවනය ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන “ආරම්භක මාර්ගෝපදේශයක්” පාවුල් ලිවීය. රෝම 6:16-18 හි ඔහු අපි සැවොම දෙවියන්වහන්සේට කැරළිකරුවන් (පව්කාරයන්) ලෙසට උපත ලබා ඇතැයි යන්නද “අපගේ පාපයෙන් නිදහස් කිරීමට” යේසුස්වහන්සේට අපට උපකාර කළ හැකිය යන සත්‍යයද සසඳා තිබේ. ඉන් පසුව ඔහු පාපයේ වහලෙක් වීමත් දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ජීවනය දෙන මාර්ගයට වහලෙක් වීමත් අතර වෙනස විස්තර කරයි (19-20 පද). ඔහු තවදුරටත් කියා සිටින්නේ පාපයේ කුලිය මරණය බවත් දෙවියන්වහන්සේගේ දීමනාව වන්නේ සදාකාල ජීවනය බවත්ය (23 පදය). මරණය යනු දෙවියන් වහන්සේගෙන් සදහටම වෙන්වීමයි. අපි ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්‍ෂේප කරන විට අප මුහුණ දෙන විනාශකාරී ප්‍රතිඵලය මෙයයි. නමුත් දෙවියන්වහන්සේ විසින් යේසුස්වහන්සේ තුළ නව ජීවනය නම් ත්‍යාගය අපට ලබා දෙන සේක. එම ජීවිතය නම් මිහිපිට ආරම්භ වී උන්වහන්සේ සමග ස්වර්ගයේ සදහටම පවතින ජීවිතයයි.

සදාකාල ජීවනය සඳහා පාවුල් තුමාගේ මග පෙන්වීම තුළින් අපට තේරීම් දෙකක් ඉතිරිව ඇත. එනම් මරණයට මග පෙන්වන පාපය තෝරා ගැනීම හෝ සදාකාල ජීවනයට මග පෙන්වන යේසුස්වහන්සේගේ දීමනාව තෝරා ගැනීමයි. උන්වහන්සේගේ ජීවනයේ ත්‍යාගය ඔබට ලැබේවා. ඔබ දැනටමත් ක්‍රිස්තුස් වහන්සේව පිළිගෙන තිබේ නම් අද දින ඔබ මෙම ත්‍යාගය අන් අය සමග බෙදා ගනීවා.