ඇයගේ ආදරණීය නැන්දම්මා මෙන් (දේවගැතිවරයෙක්ගේ බිරිඳ වූ) “දේවගැතිවරයෙක්ගේ පරිපූර්ණ බිරිඳක්” වීමට වසර හයක් තිස්සේ ඇග්නස් උත්සාහ කළාය. මෙම භූමිකාවේදී ඇයට ලේඛිකාවක් හෝ චිත්‍ර ශිල්පිනියක් විය නොහැකි බව ඇය සිතුවාය. එහෙත් ඇයගේ නිර්මාණශීලිත්වය යටපත් කර ගැනීමෙන් ඇය මානසික අවපීඩනයට පත්ව සියදිවි නසාගැනීමට පවා කල්පනා කළාය. අසල්වැසි දේවගැතිවරයෙක්ගේ උපකාරයෙන් ඇය අඳුරෙන් පිටතට පැමිණීයේ ඔහු ඇය සමග යාච්ඤා කරමින් සෑම උදෑසනකම පැය දෙකක් ඇයට ලිවීමට නියම කළ නිසාත්ය. ඇය තුළ “මුද්‍රා තැබූ නියෝග” ලෙස ඇය හැඳින්වූ දෙවියන් වහන්සේ විසින් කරන ලද කැඳවීම එයින් අවදි වූයේය. ඇය මෙසේ ලීවාය : “මට මා මෙන් එනම් සම්පූර්ණ මා මෙන් වන්න නම් දෙවියන්වහන්සේ විසින් මට දෙන ලද නිර්මාණශීලිත්වය සෑම නාලිකාවක් තුළින්ම ගලා යා යුතු වන්නේය”.

පසුව දාවිත්ගේ එක් ගීතාවලියකට ඇය යොමු වීමෙන් ඇයගේ සැබෑ කැඳවීම ඇය සොයා ගත් ආකාරය ප්‍රකාශ කළාය. “ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව; උන්වහන්සේ නුඹේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන සේක” (ගීතාවලිය 37:4). ඇගේ මාර්ගය දෙවියන්වහන්සේට භාර දී ඇයව මෙහෙයවීමට සහ මග පෙන්වීමට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ විට (5 පදය) උන්වහන්සේ ඇයට ලිවීමට සහ පින්තාරු කිරීමට පමණක් නොව උන්වහන්සේ සමග වඩා හොඳින් සන්නිවේදනය කිරීමට අන් අයට උපකාර කිරීමටත් මාර්ගයක් සළසා දුන් සේක.

අප සෑම කෙනෙක් වෙනුවෙන්ම “මුද්‍රා තැබූ නියෝග” දෙවියන්වහන්සේට තිබේ. එපමණක් නොව, අපි උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් බවත් අපගේ ත්‍යාගයන් සහ ආශාවන් මගින් උන්වහන්සේට සේවය කළ හැකි අද්වීථීය ක්‍රම ගැනත් අපි දැන ගන්නෙමු. අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ප්‍රීති වන විට උන්වහන්සේ අපට මග පෙන්වන සේක.