ප්‍රංශ සොල්දාදුවා තම හමුදාවේ කඳවුරේ ආරක්‍ෂක වළලු ශක්තිමත් කරමින් කාන්තාරයේ වැලි හාරමින් සිටියදී ඔහු වැදගත් සොයා ගැනීමක් කරනු ඇතැයි කිසි විටෙකත් සිතුවේ නැත. තවත් වැලි සවලක් ඉවත් කරද්දී ඔහු ගලක් දුටුවේය. එය සාමාන්‍ය ගලක් නොවීය. එය භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගලය. එම ගල (දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත) දහනව වන ශත වර්ෂයේ වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලින් එකක් වන්නේ පුරාණ ඊජීප්තුවේ “හයිරොග්ලිෆික්ස්” ලෙස හඳුන්වන ගලේ කෙටූ පණිවුඩවල අභිරහස් තේරුම් ගැනීමට උපකාර වන හෙයිනි.

අපගෙන් බොහෝ දෙනෙකුට දේව වචනයේ බොහෝමයක් ගැඹුරු අභිරහසකින් එතී ඇත. එසේ වූවත් කුරුසියේ පෙර දින රාත්‍රියේ ශුද්ධාත්මයාණන් එවන බවට යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට පොරොන්දු වූ සේක. උන්වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක. “නුමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයාණන් වහන්සේ ආ කල උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මග පෙන්වන සේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක” (යොහන් 16:13). බයිබලයේ අභිරහස් පිටුපස ඇති සත්‍යයන්ද ඇතුළුව සත්‍යය පිළිබඳ ආලෝකය විහිදුවන අපගේ දිව්‍යමය රොසෙටා ගල වනුයේ ශුද්ධාත්මයාණන් වහන්සේය.

දේව වචනයෙහි දී ඇති සෑම දෙයක් ගැනම අපට පූර්ණ අවබෝධයක් ලබා දෙන බවට අපට පොරොන්දු වී නොමැති අතර යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම ශුද්ධාත්මයාණන් වටහා ගනු ඇතැයි අපට විශ්වාසයක් තබා ගත හැකිය. එම වැදගත් සත්‍යයන් කරා උන්වහන්සේ අපට මග පෙන්වනවා ඇත.