අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව වසර තිහක් පුරාවටම විශාල ගෝලීය සේවයක් කරන සංවිධානයක් සඳහා විශ්වාසවන්තව සේවය කළාය. එහෙත් ඇය වාර්ගික අසාධාරණය ගැන තමන් සමග සේවය කරන සේවකයින් සමග කථා කිරීමට උත්සාහ කළ විට ඇයට ලැබුණු ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි. කෙසේ වෙතත් අවසානයේදී 2020 වසන්ත කාලයේදී ජාතිවාදය පිළිබඳ විවෘත සාකච්ඡා ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ඇය සමග සේවය කරන මිතුරෝ “විවෘත සංවාදයක් ආරම්භ කළහ”. විවෘත සාකච්ඡා ආරම්භ වීම ගැන මිශ්‍ර හැඟීම් සහ වේදනාවන් සමග ඇය කෘතඥ වූවාය. නමුත් ඇගේ සගයන්ට කථා කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ මන්දැයි කල්පනා කළාය.

නිශ්ශබ්දතාවය සමහර අවස්ථාවන් වලදී ගුණ ධර්මයක් විය හැකිය. සාලමොන් රජු දේශනාකාරයා පොතේ ලියා ඇති පරිදි “සෑම දේටම ප්‍රස්ථාවක්ද අහසින් යට තිබෙන සැම කාරණාවලට කාලයක්ද ඇත…. නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථා කරන්ට කාලයක්ය” (දේශනාකාරයා 3:1, 7).

කෙසේ වෙතත් ආගම්වාදය සහ අයුක්තිය හමුවේ නිහඬව සිටීම හානියක් හා වේදනාක් පමණක් සිදු කරයි. ලුතරන් දේවගැති මාර්ටින් නියෙමොලර් (කථා කිරීම නිසා නාට්සි ජර්මනියේ සිරගත කරන ලදී) යුද්ධයෙන් පසු තමා ලියූ කවියකින් මෙසේ පාපෝච්චාරණය කළේය. “මුලින්ම ඔවුන් පැමිණියේ කොමියුනිස්ට්වාදීන් අල්ලා ගැනීමටයි. නමුත් මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා කථා නොකළෙමි”. ඔහු තවදුරටත් මෙසේ කීවේය. “ඉන්පසුව ඔවුන් පැමිණියේ යුදෙව්වන්, කතෝලිකයන් සහ වෙනත් අය උදෙසාය. නමුත් මම කථා නොකළෙමි. අවසානයේදී ඔවුන් මාව අල්ලා ගැනීමට පැමිණියේය. ඒ වන විට කථා කිරීමට කිසිවෙක් ඉතිරි වී නොසිටියේය”.

අයුක්තියට එරෙහිව කථා කිරීමට ධෛර්්‍යය සහ ආදරය ආදරය අවශ්‍ය වේ. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ උපකාරය සොයමින් කථා කිරීමට කාලය දැන් බව අපි හඳුනා ගන්නෙමු.