2020 පෙබරවාරියේදී කෝවිඞ්-19 වසංගතය ආරම්භ වෙමින් තිබියදී එක් පුවත්පත් තිර රචකයෙක්ගේ කණස්සල්ල කෙරෙහි මම යොමු වුනෙමි. අපි කැමැත්තෙන් ස්වයං හුදකලා වෙයිද? ඇය කල්පනා කළාය. අන් අය රෝගී නොවන පිණිස අපි අපගේ ගමන් බිමන්, සාප්පු සවාරි යනාදිය වෙනස් කරමුද. “මෙය හුදෙක් සායනික සම්පත් පිළිබඳ පරීක්‍ෂණයක් පමණක් නොව අපට වඩා අන් අය ගැන සැළකිලිමත් වීමට ඇති කැමැත්ත වන්නේය” යනුවෙන් ඇය ලීවාය. හදිසියේම මෙම ගුණ ධර්මය මුල් පිටුවේ ප්‍රවෘත්තිය වූයේය.

අපි අපේම අවශ්‍යතා ගැන කනස්සල්ලෙන් සිටින විට අන් අයගේ අවශ්‍යතා ගැන සැළකීම අසීරුය. අවශ්‍යතාවයන් සපුරා ගන්න අපගේ අධිෂ්ඨාන ශක්තිය පමණක්ම ඉතිරි නොවීම ගැන අපි ස්තුතිවන්ත වෙමු. නොසැළකිල්ල වෙනුවට ප්‍රේමයත්, ශෝකය මැඩ පැවැත්වීමට ප්‍රීතියත්, අපේ කණස්සල්ල දුරු කිරීමට සමාදානයත්, අපේ ආවේගශීලි බව දුරු කිරීමට ඉවසීමත්, අන් අය ගැන සැළකිලිමත් වීමට කරුණාවත්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට යහපත්කමත්, අපේ පොරොන්දු රැක ගැනීමට විශ්වාසවන්ත කමත්, නපුරුකම වෙනුවට මෘදුකමත් සහ තමන් ගැන පමණක් සිතීමෙන් ඔබ්බට ගිය පමණ දැන ක්‍රියා කිරීමත් ලබා දෙන ලෙසට ශුද්ධාත්මයාණන් ගෙන් ඉල්ලමු (ගලාති 5:22-23). මේ සියල්ලෙන් අප පරිපූර්ණ නොවූවත් අපව කැඳවනු ලබන්නේ ආත්මයාණන් වහන්සේගේ ගුණවත් ත්‍යාග නිතිපතා සෙවීමටය (එපීස 5:18).

කර්තෘ රිචඞ් ෆොස්ටර් ශුද්ධකම විස්තර කරන්නේ කළ යුතු දෙයක් කළ යුතු අවස්ථාවේදී කිරීමට ඇති හැකියාව ලෙසයි. එවැනි ශුද්ධකම වසංගත කාලයක පමණක් නොව සෑම දිනකම අවශ්‍ය වේ. අන් අය වෙනුවෙන් කැපකිරීම් කිරීමට අපට හැකියාව තිබේද? ශුද්ධාත්මයාණන්වහන්සේ කළ යුතු දේ කිරීමට අපව බලයෙන් පුරවන සේක.