මම යෞවනියක්ව සිටි කාලයේදී මගේ මව අපගේ විසිත්ත කාමරයේ බිත්තියේ බිතු සිතුවමක් පින්තාරු කළාය. එය අවුරුදු ගණනාවක් එසේ පැවතුණි. එය නටබුන් වූ දේවාලයක ඉපැරණි ග්‍රීක දර්ශනයක්ද එහි දෙපැත්තේ සුදු කුළුණුද ගරා වැටුණු දිය උල්පතක් සහ කැඩුණු පිළිමයක්ද පෙන්නුම් කළේය. කලක් ඉතා අලංකාරවූ හෙලෙනිස්ටික් ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලූ විට එය විනාශ වුයේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළෙමි. විශේෂයෙන්ම අතුළත සිට දිරාපත් වී විනාශ වී ගිය වරෙක විශාල හා සශ්‍රීක වූ ශිෂ්ඨාචාරයක ඛේදවාචකය ගැන අධ්‍යයනය කරද්දී මම කුතුහලයට පත් වීමි.

අද අප අවට දකින පව්කාර දුෂ්ඨකම සහ අනවශ්‍ය විනාශය කරදරකාරී විය හැකිය. දෙවියන්වහන්සේව ප්‍රතික්‍ෂේප කළ මිනිසුන්ට සහ ජාතීන්ට ඇඟිල්ල දිගු කරමින් එය පැහැදිලි කිරීමට උත්සාහ කිරීම ස්වභාවිකය. නමුත් අප අපගේ දෑස් අභ්‍යන්තරයට යොමු කළ යුතු නොවේද? අපගේ හදවත තුළට ගැඹුරින් එබී නොබලා අන් අයට ඔවුන්ගේ පව්කාර ජීවිතයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා සිටින විට අපි කුහකයන් වීම පිළිබඳව දේව වචනය අපට අනතුරු අඟවයි (මතෙව් 7:1-5).

32 වන ගීතාවලිය අපට අභියෝග කරන්නේ අපගේ පාපය දැක පාපොච්චාරණය කරන ලෙසටයි. අපට වරදින් නිදහස් වීමේ සහ සැබෑ පසුතැවිල්ලේ ප්‍රීතිය අත් විඳිය හැක්කේ අපගේ පුද්ගලික පාපය හඳුනා ගෙන පාපෝච්චාරණය කිරීමෙන් පමණී (1-5 පද). දෙවියන්වහන්සේ අපට සම්පූර්ණ සමාව ලබා දෙන බව දැන ගැනීමෙන් අපි ප්‍රීති වන විට පාපය සමග පොර බදින අන් අය සමග එම බලාපොරොත්තුව අපට බෙදා ගත හැකිය.