ජේ. අයි. පාකර් (1926-2020) සිය සම්භාව්‍ය කෘතිය වන “දෙවියන්වහන්සේ දැන ගැනීම” යන කෘතියෙහි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ ඇදහිලිවන්තයන් සිව් දෙනෙක් “බයිබලය සඳහා බීවර්” (මුගටීන්) ලෙසට ඉතා ඉහළින් කථා කළේය. ඔවුන් සියල්ලන්ම පුහුණු විශාරදයන් නොවූවත් ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දැන ගැනීමට දේව වචනයේ ගැඹුරටම ඉගෙන ගත්තේ බීවර් යන සතා ගසක් තුළට හාරා ගෙන යන ආකාරයටය. පාකර් තවදුරටත් සඳහන් කළේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවියන්වහන්සේව දැන ගැනීම උගතුන්ට පමණක් නොවන බවයි. “ශුද්ධාත්මයාණන්ගෙන් පිරුණු සරල බයිබල් පාඨකයෙක් සහ දේශනා අසන්නෙක් දේව ධර්මානුකූලව නිවැරදි වීමෙන් සෑහීමකට පත්වන උගත් විශාරදයෙකුට වඩා තම දෙවියන්වහන්සේ සහ ගැළවුම්කරුවාණන් සමග වඩා ගැඹුරු දැනුමක් වර්ධනය කර ගන්නවා ඇත”.

අවාසනාවකට මෙන් බයිබලය අධ්‍යයනය කරන බොහෝ අය ගැළවුම්කරුවාණන් වඩාත් හොඳින් හඳුනා ගැනීම හා උන්වහන්සේ හා සමාන වීම යන අරමුණින් යුතු නිහතමානී හදවත් ඇති අය නොවෙති. යේසුස් වහන්සේගේ කාලයේදී පරණ ගිවිසුමේ දේව වචනය කියවන අය සිටියත් ඔවුන් කථා කළ එකම තැනන් වහන්සේව ඔවුන්ට මග හැරුණි. “ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේ යයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය. ඒවා මා ගැන සාක්‍ෂි දෙයි. නමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමති නැත” (යොහන් 5:39-40).

ඔබ බයිබලය කියවන විට සමහර විට ඔබ පැකිලෙන්නේද? නැත්නම් ඔබ දේව වචනය අධ්‍යයනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හැර තිබේද? බයිබලය කියවන අයට වඩා බයිබල් “බීවර්” වීම වැදගත්ය. ඔවුහු යාච්ඤා පූර්වකව සහ පරෙස්සමින් දේව වචනය තුළට ගැඹුරට හාරා යන්නේ එයින් එළිදරව් වන යේසුස්වහන්සේව දැක ගැනීමට සහ ප්‍රේම කිරීමට ඔවුන්ගේ හදවත් සහ ඇස් විවර කර ගත හැකි ආකාරයෙනි.