දස හැවිරිදි චෙල්සිට අනර්ඝ චිත්‍ර කලා කට්ටලයක් ලැබීමෙන් පසුව ඇය සොයා ගත්තේ ඇය දුක් වූ විට ඇයට සහනයක් ලබා දීම සඳහා දෙවියන්වහන්සේ කලාව භාවිතා කළ බවයි. සමහර ළමයින්ට කලා භාණ්ඩ පහසුවෙන් ලබා ගත නොහැකි බව දැනගත් විට ඇයට අවශ්‍ය වූයේ ඔවුන්ට උදව් කිරීමටය. ඉතින් ඇගේ උපන් දින සාදයට කාලය පැමිණී විට ඇය තෑගි ගෙන නොඑන ලෙස ඇගේ මිතුරියන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ වෙනුවට ඇය ඔවුන්ට ආරාධනා කළේ කලා භාණ්ඩ පරිත්‍යාග කිරීමට සහ අවශ්‍යතා ඇති දරුවන් සඳහා තෑගි පෙට්ටි පිරවීමට උපකාර කරන ලෙසටය.

පසුව ඇගේ පවුලේ අයගේ උදව්වෙන් ඇය චෙල්සී පුණ්‍යායතනය ආරම්භ කළාය. ඇය තවත් ළමයින්ට උපකාර කිරීමට හැකි වන පරිදි මෙම තෑගි පෙට්ටි පිරවීමට උදව් කරන ලෙස වෙනත් පුදගලයින්ගෙන්ද ඉල්ලා සිටීමට පටන් ගත්තාය.. දේශීය ප්‍රවෘත්ති විකාශකයෙක් චෙල්සි සමග කළ සම්මූඛ සාකච්ඡාවකින් පසුව රට පුරා සිටි ජනතාව සැපයුම් පරිත්‍යාග කිරීමට පටන් ගත්හ. චෙල්සි පුණ්‍යායතනය අඛණ්ඩව ජාත්‍යන්තරයට කලා භාණ්ඩ යැවීමත් සමගම අන් අයට සේවය කිරීමට අප කැමැත්තෙන් ජීවත් වන විට දෙවියන් වහන්සේ අපව භාවිතා කරන්නේ කෙසේදැයි මෙම තරුණිය නිරූපණය කළාය.

චෙල්සිගේ දයානුකම්පාව සහ බෙදා ගැනීමට ඇති කැමැත්ත විශ්වාසවන්ත සේවකයෙකුගේ හදවත පිළඹිබු කරයි. දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති සම්පත් හා කුසලතා බෙදා ගැනීමෙන් “එකිනෙකාට ගැඹුරින් ප්‍රේම කරන්න” කියා අපෝස්තලු පේත්‍රැස් යේසුස්වහන්සේ කෙරෙහි සියලු ඇදහිලිවතුන්ව ධෛර්්‍යයමත් කරයි (1 පේත්‍රැස් 4:8-11).

අප ප්‍රේමයෙන් කරන කුඩා ක්‍රියාව පවා අන් අයටත් අප සමග එක්වීමට පෙළඹීමක් ඇති කරයි. අප සමග සේවය කිරීමට ආධාර කරුවන් පෙළ ගැස්වීමටද දෙවියන්වහන්සේට පුළුවන. අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට සේවය කිරීමට සහ උන්වහන්සේට ලැබිය යුතු මහිමය ලබා දීමට අපට ජීවත් විය හැකිය.