මම මගේ පුතුන්ව අවම වශයෙන් අඩි 14,000 ක් පමණ උස වූ කොලරාඩෝ දහහතර වන කඳු තරණය කිරීමට කැඳවා ගෙන ගියෙමි. ඔවුහු නොසන්සුන් වූහ. ඔවුන්ට එය නැග ගැනීමට හැකි වෙයිද? ඔවුන්ට අභියෝගයට මුහුණ දෙන්න හැකිවෙයිද? මගේ බාල පුතා දිගු විවේකයක් සඳහා මාවතේ නතර වී “තාත්තේ මට තවදුරටත් යන්න බැහැ” කියා නැවත නැවතත් කීවේය. නමුත් මෙම පරීක්‍ෂණය ඔවුන්ට හොඳ වනු ඇතැයි මම විශ්වාස කළෙමි. ඔවුන් මා කෙරෙහි විශ්වාසය තැබීම මට අවශ්‍ය විය. කඳු මුදුනට සැතපුමක් පමණ දුර තිබෙද්දී තව දුරටත් යා නොහැකි යයි කිවු මගේ බාල පුතා දැඩි ආශාවෙන් හොඳ හුස්මක් ගෙන අපට කලින් කඳු මුදුනට නැග ගියේය. ඔහුගේ බිය මධ්‍යයේ වූවත් මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන ඔහු බොහෝ සෙයින් ප්‍රීතියට පත්විය.

ඔවුන් කන්දට නගින විට ඊසාක් තම පියා කෙරෙහි තැබූ විශ්වාසය ගැන මම මවිතයට පත් වීමි. ඊටත් වඩා ආබ්‍රහම් තම පුත්‍රයා මත පිහිය ඔසවන විට දෙවියන්වහන්සේ කෙරෙහි ඔහු තුළ තිබූ විශ්වාසය ගැනද මම මවිත වීමි (උත්පත්ති 22:10). ව්‍යාකූල වූ හා වේදනාවෙන් මිරිකුණු හදවතින් පවා ආබ්‍රහම් කීකරු විය. දයාවෙන් යුතුව දේවදුතයෙක් ඔහුව නැවැත්වූයේය. “නුඹේ අත තරුණයා පිට නොතබව” කියා දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවා ප්‍රකාශ කළේය (12 පදය). දෙවියන්වහන්සේ කිසි විටෙකත් ඊසාක්ව මරන්න අදහස් නොකළ සේක.

මෙම අද්වීථීය කථාවට සමාන්තරව අපගේ කතාවට ප්‍රවේශ වන විට “දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්‍ෂා කරමින් …..” (1 පදය) යන පදය වෙත අවධානය යොමු කිරීම වැදගත් වන්නේය. මෙම පරීක්‍ෂාව මගින් ඔහු දෙවියන්වහන්සේව කෙතරම් විශ්වාස කරනවාද කියා ආබ්‍රහම් ඉගෙන ගත්තේය. උන්වහන්සේගේ ආදරණීය හදවත සහ ගැඹුරු සැපයුම ගැන ආබ්‍රහම් සොයා ගත්තේය.

අපගේ ව්‍යාකූලත්වය, අන්ධකාරය සහ පරීක්‍ෂණයන් මගින් අප ගැනත් දෙවියන්වහන්සේ ගැනත් සත්‍යයන් අපි ඉගෙන ගන්නෙමු. එසේම අපගේ පරීක්‍ෂණයන් උන්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇති කිරීමට හේතු වන බව අපට පෙනී යා හැකිය.