“ටුක්-ටුක්” ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ කුලී ත්‍රීරෝද රථ බොහෝ දෙනෙකුට පහසු සහ ප්‍රීතිමත් ප්‍රවාහන ක්‍රමයක් වේ. කොළඹ අගනුවර පදිංචිකාරියක් වන ලොරේන්ද මෙය මිෂනාරි සේවයක් බව වටහා ගත්තාය. දිනක් ටුක්-ටුක් රථයකට ගොඩ වූ ඇයට එහි රියැදුරා ආගම පිළිබඳ සංවාදයක යෙදීමට කැමැත්තක් ඇති කෙනෙක් බව දැන ගත්තාය. ඇය තමාටම කියා ගත්තේ ඊළඟ වතාවේ ඇය රියැදුරා සමග ශුභාරංචිය ගැන කථා කරන බවයි.

රෝම පොත ආරම්භ වන්නේ තමාව “දෙවියන්වහන්සේගේ ශුභාරංචිය සඳහා වෙන් කර ඇත” යනුවෙන් පාවුල් කියන ප්‍රකාශයකිනි (රෝම 1:1). “ශුභාරංචිය” සඳහා ග්‍රීක වචනය වන්නේ “ඉවැන්ජලියන්” යන්නයි. එහි අර්ථය “සුභ ආරංචිය” යන්නයි. පාවුල් මූලිකවම කියා සිඩියේ තම ප්‍රධාන අරමුණ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පැවසීම බවයි.

මෙම ශුභාරංචිය යනු කුමක්ද? රෝම 1:3 හි සඳහන් වන්නේ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය වන්නේ
“උන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන” බවයි. සුභ ආරංචිය වන්නේ යේසුස්වහන්සේමය. පාපයෙන් සහ මරණින් අපව ගළවා ගැනීමට යේසුස්වහන්සේ පැමිණි බවත් උන්වහන්සේ අපව තෝරා ගත්තේ උන්වහන්සේගේ සන්නිවේදව ක්‍රමයක් ලෙස බවත් ලෝකයට පැවසීමට අවශ්‍ය වූයේ දෙවියන්වහන්සේටය. එය කෙතරම් නිහතමානී කාරණයක්ද!

ශුභාරංචිය බෙදා ගැනීම යේසුස්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට දෙන ලද වරප්‍රසාදයකි. මෙම ඇදහිල්ලට අන් අයව කැඳවීමට අපට “අනුග්‍රහය” ලැබී ඇත (5-6 පද). ටුක්-ටුක් රථයක හෝ අප කොතැනක සිටියත් ශුභාරංචියේ සතුටුදායක ආරංචිය අප අවට සිටින අයට ගෙන යාමට දෙවියන් වහන්සේ අපව වෙන් කර ඇත. ලොරේන් මෙන් අපිත් අපගේ එදිනෙදා ජීවිතයේදී ශුභාරංචිය නොහොත් යේසුස්වහන්සේ ගැන අන් අයට පැවසීමට අවස්ථා සොයමු.