සෘතුව මුදවා ගැනීමට ක්‍රමයක් ලීසාට අවශ්‍ය වුනි. ඇය දුටු සරත් සෘතුවේ සැරසිලි බොහෝමයක් බිහිසුණු සහ අශෝභන ආකාරවලින් මරණය සැමරීම සඳහා යොදා ගෙන තිබුණි.

අන්ධකාරයට සුලු ආකාරයකින් හෝ මුහුණ දීමට අධිෂ්ඨාන කර ගෙන සිටි ලීසා විශාල වට්ටක්කා ගෙඩියක් මත නොමැකෙන තීන්ත පෑනකින් තමාට ස්තුතිවන්ත විය හැකි දේවල් ලිවීමට පටන් ගත්තාය. පළමුවෙන් වූයේ “හිරු ආලෝකයයි”. වැඩිකල් නොගොස් ඇගේ ලැයිස්තුවට අමුත්තන්ද එකතු වුනි. සමහරක් කියමන් විකාර ඒවා විය. උදාහරණයක් ලෙස “ඩූඞ්ලිං” එනම් කුරුටු ගෑම්ය. අනෙක් ඒවා ප්‍රායෝගික විය.
“උණුසුම් නිවසක්”; “වැඩ කරන මෝටර් රථයක්”. සමහර කියමන් හද කම්පා කරවන එනම් මිය ගිය ආදරණීයයෙකුගේ නම ලිවීම වැනි දේය. කෘතඥතාවයේ දම්වැලක් වට්ටක්කා ගෙඩිය වටා ලියැවුණි.

104 වන ගීතාවලිය තුළින් අප පහසුවෙන් නොසළකා හරින දේවල් තුළින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ පූජාවක් ඉදිරිපත් කරයි. “උන්වහන්සේ මිටියාවත් වලට උල්පත් යවන සේක” (10 පදය) යනුවෙන් කවියා ගායනා කළේය. “උන්වහන්සේ පොළොවෙන් කෑම හට ගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත් මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට පලා ජාතිත්…” (14 පදය). රාත්‍රිය පවා යහපත් සහ සුදුසු යයි පෙනේ. “ඔබ අඳුර පමුණුවන සේක. එකල වනයේ සියලු මෘගයෝ බැහැර යෙති” (20 පදය). නමුත් පසුව “හිරු උදාවන කල … මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි” (22-23 පද). ගීිතිකාකරු අවසන් කරන්නේ මේ සෑම දෙයක්ම සඳහා “මා පවතින තෙක් මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි” (33 පදය) යනුවෙනි.

මරණය සමග කටයුතු කරන්නේ කෙසේදැයි නොදන්නා ලෝකයක අපගේ මැවුම්කරුවාණන්ට කුඩාම ප්‍රශංසාව පිරිනැමීම පවා දීප්තිමත් බලාපොරොත්තුවක් ලබා දෙන වෙනසක් ඇති කළ හැකිය.