විශ්මිත විකිරණ ප්‍රතිකාර වට තිහකින් පසුව ඩාර්ලා පිළිකාවෙන් නිදහස් බව ප්‍රකාශ කරන ලදී. රෝහල් සම්ප්‍රදායේ කොටසක් ලෙස ඇයගේ ප්‍රතිකාරයේ අවසානය සනිටුහන් කළ “පිළිකාවෙන් තොර සීනුව” නාද කිරීමටද ඇයගේ සම්පූර්ණ සෞඛ්‍යභාවය සැමරීමටද ඇය උනන්දු වූවාය. ඩාර්ලා ඇගේ සැමරුම් නාදයේදී ඉතා උද්යෝගිමත් හා ජවසම්පන්න වූ නිසා සීනුවට ගැට ගසා තිබූ කඹයද කැඩුණි. සියලු දෙනාම ප්‍රීතියෙන් සිනහසුණි.

ඩාර්ලාගේ කථාව මගේ මුහුණට සිනහවක් ගෙන දෙන අතර, ඔවුන්ගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ වැඩ ගැන සැමරීමට ඉශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළ විට ගීතිකාකරු සිතන්නට ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ හැඟීමක්ද ලබා දෙයි. දෙවියන්වහන්සේ ඔවුන්ගේ සතුරන් පළවා හැර ඉශ්‍රායෙල්වරුන්ව තම ආදරණීය සෙනග ලෙස තෝරා ගෙන ඇති නිසා “අත්පොළසන් දෙමින්” “ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬ නගන” ලෙසත් “ප්‍රශංසා ගී කියන” ලෙසත් රචකයා ඔවුන්ව දිරි ගැන්වීය (ගීතාවලිය 47:1, 6).

සෞඛ්‍ය හා සම්බන්ධ හෝ මූල්‍යමය හෝ සබඳතා හෝ වේවා මේ ජීවිතයේ අපගේ අරගලයන්ගෙන් දෙවියන් වහන්සේ සැමවිටම අපට ජයග්‍රහණය ලබා නොදේ. දෙවියන්වහන්සේ තවමත් “ශුද්ධ සිංහාසනයෙහි වැඩ හිඳින” (8 පදය) බව අපට විශ්වාස කළ හැකි නිසා එවැනි වාතාවරණයන් මධ්‍යයේ වූවත් උන්වහන්සේ අපගේ නමස්කාරය හා ප්‍රශංසාව ලබා ගැනීමට සුදුසු වන්නේය. අවම වශයෙන් මෙලොව ජීවිතයේ අප හඳුනා ගත් ආකාරයට උන්වහන්සේ අපව සුව කරන ස්ථානයකට ගෙන එන විට එය මහත් සේ සැමරිය යුතු වන්නේය. අපට නාද කිරීමට භෞතික සීනුවක් නොතිබිය හැකි නමුත් ඩාර්ලා පෙන්වූ ආකාරයේ උත්කර්ෂවත් අන්දමින් උන්වහන්සේගේ යහපත්කම අපට ප්‍රීතියෙන් සැමරීමට පුළුවන.