දශකයකට පෙර ඔවුන් යේසුස්වහන්සේගේ නාමය දැන ගෙන සිටියේ නැත. පිලිපීනයේ මින්ඩනාඕ කඳුකරයේ සැඟවී සිටි බන්වාන් වැසියන්ට බාහිර ලෝකය සමග එතරම් සම්බන්ධයක් නොතිබුණි. බඩු භාණ්ඩ සඳහා දින දෙකක ගමනක් ගත විය හැකි අතර රළු භූමි ප්‍රදේශයෙහි දැඩි දුෂ්කර ගමනක් යා යුතු වේ. ලෝකය ඔවුන් ගැන සළකිල්ලක් දැක්වූයේ නැත.

ඉන්පසු හෙලිකොප්ටරයකින් කලාපය තුළට සහ ඉන් පිටතට මිනිසුන්ව එහාට මෙහාට ගෙනෙමින් සේවය කිරීමට ක්‍රිස්තියානි කණ්ඩායමක් පැමිණියහ. මෙමගින් බන්වාන් ජනතාවට අවශ්‍ය සැපයුම්, තීරණාත්මක වෛද්‍ය උපකාර සහ විශාල ලෝකය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට හැකි විය. එය ඔවුන්ට යේසුස්වහන්සේවද හඳුන්වා දුනි. දැන් ඔවුන් විවිධ ආත්මයන්ට ගායනා කරනවා වෙනුවට එකම සැබෑ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන නව වචන වලින් ඔවුන්ගේ සාම්ප්‍රදායික ගෝත්‍රික ගීත ගායනා කරති.

යේසුස්වහන්සේ තම ස්වර්ගීක පියාණන් වෙත යෑමට පෙර සිය ගෝලයන්ට මෙම උපදෙස් දුන් සේක. “නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න” (මතෙව් 28:19). එම නියෝගය තවමත් පවතී.

ළඟා නොවූ පුද්ගල කණ්ඩායම් අප අසා නැති විදේශීය ස්ථානවලට පමණක් සීමා නොවන්නේය. බොහෝ විට ඔවුන් අප අතර ජීවත් වෙති. බන්වාන් ජනතාව වෙත ළඟා වීමට නිර්මාණශීලිත්වය සහ සම්පත් අවශ්‍ය විය. එසේම අපගේ ප්‍රජාවන්හි ඇති බාධක ජය ගැනීම සඳහා නිර්මාණාත්මක මාර්ග සොයා ගැනිමට එය අපව පොළඹවයි. එය ළඟා විය හැකි යයි ඔබ පවා නොසිතූ ඔබගේ අසල්වැසි කෙනෙක් හෝ කණ්ඩායමක් විය හැකිය. යේසුස්වහන්සේ වෙතට අන් අයව ගෙන ඒම සඳහා දෙවියන්වහන්සේට ඔබව යොදා ගත හැක්කේ කෙසේද?