කෝවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ටෙනසිහි කුඩා ව්‍යාපාර හදිසියේම වසා දැමූ විට තම සේවකයින් රැකබලා ගන්නේ කෙසේද, කුලිය ගෙවන්නේ කෙසේද සහ අර්බූදයෙන් බේරෙන්නේ කෙසේද යන්න ගැන සාප්පු හිමියෝ කණස්සල්ලට පත්වූහ. ඔවුන්ගේ කණස්සල්ලට ප්‍රතිචාර වශයෙන් නෑෂ්විල් අසළ දේවස්ථානයක දේවගැතිවරයා මෙම ව්‍යපාරික අයිතිකරුවන්ට මුදල් සැපයීමේ මුල පිරීමක් ආරම්භ කළේය.

“වෙනත් අය අමාරු කාලයක් ගත කරන විට අපට වැසි දින අරමුදලක් මත සිටිය හැකි යයි හැඟෙන්නේ නැත” කියා දේවගැතිවරයා පැහැදිළි කරමින් අනෙකුත් දේවස්ථානවලටද මෙම ප්‍රයත්නයට එක් වන ලෙසට ඔහු ඔවුන්ව දිරිගැන් වීය.

වැසි දින අරමුදලක් යනු සාමාන්‍ය ආදායමක් යම් කාලයකට අඩු වුවහොත් සාමාන්‍ය වැඩ කටයුතු නොකඩවා කර ගෙන යාමට අවශ්‍ය මුදල් සැපයීම සඳහා දවසේ ලාභයෙන් මුදල් කොටසක් වෙන් කිරීමය. පළමුවෙන්ම අප ගැන සොයා බැලීම ස්වාභාවික වූවත් අපගේ අවශ්‍යතාවලින් ඔබ්බට බැලීමටත් අන් අයට උදව් කිරීමට ක්‍රම සොයා ගැනීමටත් ත්‍යාගශීලි වීමටත් දේව වචනය අපව දිරිගන්වයි. හිතෝපදේශ 11 අපට මතක් කර දෙන්නේ “විසුරුවන නුමුත් වස්තුව වැඩි කර ගන්න කෙනෙක්ද” සහ “ත්‍යාගශීලි තැනැත්තේ පුෂ්ටිමත් (සඵලවත්) කෙනෙක්ද පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය” (24-25 පද) කියාද වේ.

අද ඔබේ ජීවිතයේ සූර්යයාලෝකය වැඩියෙන් දීප්තිමත්ව තිබේද? වෙනත් කෙනෙක්ගේ ලෝකයේ වේගයෙන් ගලා යන වර්ෂාවක් තිබේදැයි වට පිට බලන්න. දෙවියන්වහන්සේ මහත් කරුණාවෙන් ඔබට දී ඇති ආශිර්වාද ඔබ අන් අය සමග නිදහසේ බෙදා ගන්නා විට ඒ ආශිර්වාද වර්ධනය වන්නේය. ත්‍යාගශීලිව හා විවෘතව සිටීමෙන් අන් අයට මනහර බලාපොරොත්තුවක් මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව වේදනාවෙන් සිටින අයට මතක් කර දීමටද අපූරු ක්‍රමයක් වනු ඇත.