හියු සහ ඩිඩී තම එකම දරුවා ස්වර්ගයට යන්න හරිද්දී ඉන්පසුව තමන්ට කුමක් කියා ගන්නේදැයි ගැන පොර බැදුවෝය. දරුවෙක් අහිමි වූ දෙමාපියෙක්ගේ ශෝකය ගැන විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්චිත වචනයක් නැත්තේය. ස්වාමි පුරුෂයා නොමැති බිරිඳ වැන්දඹුවක් වන්නේය. බිරිඳක් නැති ස්වාමි පුරුෂයා කනවැන්දුම් පුරුෂයෙක් ලෙස හඳුන්වනු ලබයි. දෙමව්පියන් අහිමි වූ දරුවෙක් අනාථයෙක් ලෙස හඳුන්වනු ලබන්නේය. දරුවෙක් අහිමි වූ දෙමාපියන් නිර්වචනයක් නොමැති වේදනාවෙන් පිරුණු කුහරයකි.

ගබ්සා වීම, හදිසි ළදරු මරණ, සිය දිවි නසා ගැනීම්, අසනීප, අනතුරු, මරණය මේ ලෝකයෙන් දරුවෙක් සොරකම් කරන අතර ජීවත්වන දෙමාපියන්ගෙන් ප්‍රකාශිත අනන්‍යතාවයද සොරා ගන්නේය.

එසේ වූවත් උන්වහන්සේගේ එකම පුත් වන යේසුස්වහන්සේ කුරුසියේ මරණය විඳිමින් “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාර දෙමි” (ලූක් 23:46) කියා කියද්දී දෙවියන්වහන්සේම ඒ මහත් ශෝකය තේරුම් ගත් සේක. යේසුස්වහන්සේගේ භූමික උපතට පෙර දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පියා වූ අතර යේසුස් වහන්සේ සිය අවසන් හුස්ම හෙළණ විටදීත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පියා ලෙස සිටි සේක. තමන් වහන්සේගේ පුත්‍රයාගේ නිසල දේහය සොහොන් ගෙයක තැන්පත් කරන විටදී පවා දෙවියන්වහන්සේ පියා ලෙස දිගටම සිටි සේක. එසේම දරුවෙක්ට නැවතත් ජීවත් විය හැකිය යන බලාපොරොත්තුව සෑම දෙමාපියෙක්ටම ගෙන එමින් දෙවියන්වහන්සේ උත්ථාන වූ පුත්‍රයෙක්ගේ පියා ලෙසට අදටත් ජීවත් වන සේක.

මුළු විශ්වය උදෙසා සහ ඔබ සහ මා වෙනුවෙනුත් තම පුත්‍රයාව පූජා කරන පියාණන්වහන්සේව ඔබ හඳුන්වන්නේ කෙසේද? පියාණන් වහන්සේ කියාය. තවමත් පියාණන් වහන්සේමය. මරණයේ වේදනාව විස්තර කිරීමට ශබ්ද මාලාවේ වචන නොමැති විටදීත් දෙවියන්වහන්සේ අපගේ පියාණන් වන අතර අපව උන්වහන්සේගේ දරුවන් ලෙසට හඳුන්වන සේක (1 යොහන් 3:1).