“පුතේ, මට ඔබට දීමට බොහෝ දේ නැත. නමුත් මට හොඳ නමක් ඇත. එබැවින් එය අවුල් නොකරන්න”. ජොනී බේටිස් විසින් එම ඥානවන්ත බර වචන කියා සිටියේ තමන්ගේ පුත් ජෙරොම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා නිවසින් පිටත්ව යන විටදීය. තමාට ඇමෙරිකානු වෘත්තීය පාපන්දු විශේෂ සම්මාන ලබා දුන් දවසේ පිළිගැනිීමේ කථාවේදී ජෙරොම් තම පියාව උපුටා දැක්වීය. ජෙරොම් සිය ජීවිත කාලය පුරාම තමා සමග ගෙන ගිය මෙම ප්‍රඥාවන්ත වදන් කෙතරම් බලවත්ද යත් ඔහු තම පුතාටද ඒ හා සමාන වචන වලින් තම කථාව අවසන් කළේය “පුතේ, අපේ හොඳ නමට වඩා වැදගත් දෙයක් මට ඔබට දීමට නැහැ”.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන්ට හොඳ නමක් අත්‍යාවශ්‍යය. අප නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න කොලොස්සි 3:17 හි පාවුල්ගේ වචන වලින් අපට මතක් කර දෙන්නේය (17 පදය). චරිතය යනු අපි අඳින ඇඳුම් හා සමාන වන අතර මෙම ඡේදය ඒ ඇඳුම්වල “යේසුස් යන ලේබලය” ප්‍රදර්ශනය කරන්නේය.
“දෙවියන්වහන්සේ තෝරාගත් සෙනගක් මෙන් … දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳ ගෙන එකිනෙකා ගැන ඉවසමින් … එකිනෙකාට සමාවෙන්න…. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පුර්ණකමේ බැම්ම බැඳ ගන්න” (12-14 පද). මේවා අපගේ “ඉරිදා ඇඳුම්” පමණක් නොවේ. දෙවියන්වහන්සේ අප තුළින් පිළිඹිබු වන පිණිස උන්වහන්සේ අප තුළ ක්‍රියා කරන බැවින් අපි ඒවා සෑම තැනකම සෑම විටකම පැළඳිය යුතු වන්නෙමු. අපගේ ජීවිත මෙම ගුණාංගවලින් පිරුණු විට අපට උන්වහන්සේගේ නාමය ඇති බව අපි පෙන්වන්නෙමු.

උන්වහන්සේ අපට අවශ්‍ය දේ සපයන බැවින් අපි යාච්ඤා පූර්වකව හා පරෙස්සමින් උන්වහන්සේව නියෝජනය කරමු.