ක්‍රිස්ටියන් මස්ටාඞ් සිය වෑන් ගෝ භූ දර්ශන චිත්‍ර එකතු කරන්නෙක් වු ඔගස්ටේ පෙල්රීන්ට පෙන්වූ විට ඒ දෙස එක් වරක් පමණක් බැලූ පෙලරීන් එය සත්‍ය නොවන බව පැවසීය. මස්ටාඞ් එම සිතුවම ඔහුගේ අට්ටාලයේ සඟවා තැබූ අතර එය එහි වසර පනහක් තිස්සේ පැවතියේය. මස්ටාඞ් මිය ගිය අතර ඊළඟ දශක හතර තුළ චිත්‍රය විටින් විට ඇගයීමට ලක් කරන ලදී. සෑම විටම එය ව්‍යාජ එකක් බවට තීරණය වුනි. එහෙත් 2012 දී සිතුවම් කැන්වසයේ නූල් වෙන් කිරීම ගණනය කිරීම සඳහා විශේෂඥයෙක් විසින් පරිගණකයක් භාවිතා කළේය. ඔහු සොයා ගත්තේ තවත් එවැනි වෑන් ගෝ භූ දර්ශනයක් එම කැන්වසයෙන්ම කපා ගෙන ඇති බවයි. අවසානයේදී මස්ටාඞ් සතුව සැබෑ වෑන් ගෝ සිතුවමක් තිබුණු බව ඔප්පු වුනි.

ඔබ බොරු කාරයෙක් යැයි ඔබට දැනෙන්නේද? මිනිසුන් ඔබව පරීක්‍ෂා කළ හොත් ඔබ යාච්ඤා කිරීම, දීම සහ සේවය කිරීම කරන්නේ කෙතරම් අල්පවදැයි ඔවුන් දකිනු ඇතැයි ඔබ බිය වන්නේද? විපරම් ඇස්වලින් ඈත්ව අට්ටාලයේ සැඟවීමට ඔබ පෙළඹෙන්නේද?

ඔබේ ජීවිතයේ වර්ණ හා සමෝච්ඡයන්ට යටින් ගැඹුරින් බලන්න. ඔබ ඔබේම මාර්ගවලින් හැරී යේසුස් වහන්සේ කෙරෙහි විශවාසය තබා ඇත්නම් ඔබත් උන්වහන්සේත් එකම කැන්වසයට අයත් වේ. යේසුස් වහන්සේගේ චිත්‍රය වන “මිදි වැල මමය. නුඹලා අතුය” (යොහන් 15:5) ඉස්මතු වෙමින් යේසුස්වහන්සේ සහ ඔබ අතර සම්පූර්ණත්වයක් සෑදෙයි.

යේසුස්වහන්සේ තුළ රැඳී සිටීම ඔබව උන්වහන්සේගේ සැබෑ ගෝලයෙක් බවට පත් කරයි. ඔබ පිළිබඳ ඡායාරූපය වැඩි දියුණු කළ හැකි ක්‍රමයද එය වන්නේය. “යමෙක් මා තුළෙහි පවතින්නේද මම ඔහු තුළෙහි පවතිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය“ (5 පදය) කියා උන්වහන්සේ කී සේක.