“ඔබව දකින්න ලැබීම සතුටක්”. “ඔබවත්”. “ඔබ මෙහි පැමිණීම ගැන සතුටුයි”. එකිනෙකා පිළිගැනීමට ලක්වූ සුභ පැතුම් උණූසුම් වුනි. දකුණු කැලිෆෝර්නියාවේ සේවයක සාමාජිකයින් ඔවුන්ගේ සන්ධ්‍යා වැඩ සටහනට පෙර අන්තර් ජාලය හරහා රැස්වූහ. ඔවුන්ගේ කථිකයා වූ මම කොලරාඩෝ ප්‍රාන්තයේ සිට ඇමතුමක් ලබා ගන්නා විට අනෙක් අය වීඩියෝ රැස්වීමට එක් වන ආකාරය නිහඬව බලා සිටියෙමි. හුදකලා පුද්ගලයෙක් වූ නිසාත් කිසිවෙක්ව නොදැන සිටි නිසාත් මට මාව සමාජ පිටස්තරයෙක් ලෙසට හැඟුණි. එවිට හදිසියේම තිරය විවර වී එහි මගේ සභාපාලක වරයා සිටියේය. ඉන්පසු තවත් තිරයක් විවර වුනි. එහි බොහෝ කලක් දේවස්ථානයේ මිතුරෙක්ද ඇමතුමට සම්බන්ධව සිටියේය. ඔවුන්ව දුටු විට මට තවදුරටත් තනිකමක් නොදැණුනි. දෙවියන්වහන්සේ උපකාර එවා ඇති බව පෙනෙන්ට තිබුණි.

යෙසෙබෙල්ගේ හා අහාබ්ගේ උදහසින් පලා ගිය පසු “ඉතිරිව සිටින එකම අනාගතවක්තෘ වරයා” තමාය වැනි හැඟිම තිබියදීත් එලියා තනිවම සිටියේ නැත (1 රාජාවලිය 19:10). දින හතළිහක් හා රාත්‍රී හතළිහක් කාන්තාර පාළුකරයේ ගමන් කළ එලියා හොරෙබ් කන්දේ ගුහාවක සැඟවී සිටියේය. නමුත් දෙවියන්වහන්සේ ඔහුව නැවත සේවයට කැඳවා “යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේප කරන්න. නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේප කරන්න. ආබෙල් මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේප කරන්න” (15-16 පද) කියා කී සේක.

ඉන්පසු දෙවියන්වහන්සේ ඔහුට මෙසේ සහතික වූ සේක : “එසේ වූවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිම්බාවූ මුඛද ඇති සියල්ලන් වන සත්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරු කර ගත්තෙමි”යි ඔහුට කී සේක (18 පදය). දෙවියන්වහන්සේට සේවය කරන අතර තුර අපි තනිවම සේවය නොකරන බව එලියා ඉගෙන ගත්තාක් මෙන් දෙවියන්වහන්සේ උපකාර ගෙන එන විට අපි සියල්ලෝම එක්ව සේවය කරන්නෙමු.