ඉක්වදෝරයේ සන්ගේ ගිනි කන්ද 2020 දී පුපුරා ගියේය. “අඳුරු අළු මීටර් 12,000 කට වඩා උසකට ගිය බව” බීබීසී ප්‍රවෘත්තිය වාර්තා කළේය. මෙම අළු පළාත් හතරක් (අක්කර 198,000 ක් පමණ) තද දුමාරයෙන් ආවරණය කළේය. අහස අඳුරු හා දරුණු බවට පත්වූ අතර හුස්ම ගැනීම පවා අපහසු කරමින් වාතය ඝණ කමින් යුක්ත විය. ෆෙලිසියානෝ ඉන්ගා නම්වූ ගොවි මහතා එල් කොමර්සියෝ පුවත්පතට මෙම අනාරක්‍ෂිත දර්ශනය විස්තර කළේ “මේ දූවිලි කොහෙන් එන්නෝදැයි අපි නොදත්තෙමු….. අහස අඳුරු වෙද්දී අපි බියපත් වූයෙමු” යනුවෙනි.

සීනයි කන්ද පාමුල සිටි ඉශ්‍රායෙල්වරුන්ද එවැනිම භීතියක් අත්වින්දහ. ඒ “ඔව්හූ ළංවී කන්ද මුල සිටියහුය. කන්දද අඳුරත් වලා පටලත් ඝනාන්දකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නේන් ඇවිළී ගියේය” (ද්වීථීය කථාව 4:11) අවස්ථාවේදීය. දෙවියන්වහන්සේගේ හඬ ගිගුරුම් දුන්නේය. ජනයා වෙවුලන්නට වුහ. ජීවමාන දෙවියන්වහන්සේව මුණ ගැසීම පුදුමාකාර හා භයානක අත්දැකීමකි.

එවිට ස්වාමීන්වහන්සේ කථා කළ සේක : ඔව්හු වචන හඬ ඇසූ නමුත් කිසි රූපාකාරයක් දුටුවේ නැත” (12 පදය). ඔවුන්ව බියට පත් කළ මෙම හඬ ඔවුන්ට ජීවය සහ බලාපොරොත්තුව ගෙන දුන්නේය. දෙවියන් වහන්සේ ඔවුන්ට දස පනත ලබා දී ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම අලුත් කළ සේක. අඳුරු වලාකුළෙන් නිකුත් වූ හඬ ඔවුන්ට වෙව්ලන්න සැළැස්වූ නමුත් එය ඔවුන්ව ආදරයෙන් රැක බලා ගත් සේක (නික්මයාම 34:6-7).

දෙවියන්වහන්සේ බලවත්ය. උන්වහන්සේ වෙතට ළඟා වීමට අපට නොහැකිය. පුදුම සහගතද වන සේක. එසේ වූවත් උන්වහන්සේ ප්‍රේමයෙන් පිරී සෑම විටම අප වෙත ළඟාවන සේක. බලයෙන් සහ ප්‍රේමයෙන් යුත් දෙවියන්වහන්සේ කෙනෙකි. අපටද අවශ්‍ය වන්නේද එවැනි දෙවි කෙනෙක්ය.