ඔවුන් තම මෝටර් රථය දෙසට යන අවස්ථාවේදී සැන්ඩර් තම මවගේ දෑතින් මිදී දේවස්ථානය දෙසට දිව ගියේය. ඔහුට යෑමට අවශ්‍ය නොවීය. ඔහුගේ මව ඔහු පසුපස දිව ගොස් තම පුතාව ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කළේ නිවසට පිටත්ව යාම සඳහාය. අවසානයේදී ඔහුගේ මව සිව් හැවිරිදි සැන්ඩර්ව වැළඳ ගෙන ඔසවා ගෙන ගමන් කරන විට ඔහු ඉකි ගසමින් මවගේ උරහිසට ඉහළින් දේවස්ථානය දෙස ඕනෑකමෙන් බලා සිටියේය.

සැන්ඩර් දේවස්ථානයේ තම මිතුරන් සමග සෙල්ලම් කිරීමෙන් සතුටක් ලැබූවා විය හැකිය. නමුත් දේවස්ථානයට යාමට ඔහුට තිබු උද්යෝගය දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට දාවිත්ට ඇතිවූ ආශාව මෙන් වුනි. තමාගේ සැනසිල්ල සහ ආරක්‍ෂාව සඳහා තම සතුරන්ව වළක්වන ලෙස ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියද “ස්වාමින්ගේ අලංකාරය දෙස බලා උන්වහන්සේගේ මාලිගයෙහි උන්වහන්සේව සෙවීමට” (ගීතාවලිය 27:4) සාමය පවත්වා ගෙන යන්න දාවිත්ට අවශ්‍ය වුනි. දෙවියන්වහන්සේ කොතැනක සිටියත් උන්වහන්සේ සමග සිටීමට සහ උන්වහන්සේගේ අභිමුඛය අත්විඳීම ඔහුගේ හදවතේ ආශාව වූයේය. ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨතම රජු සහ හමුදා වීරයා අදහස් කළේ සමාදානය නොතිබූ කාලයේ පවා “ස්වාමින් වහන්සේට ගායනා කිරීමට සහ සංගීතය වාදනය කිරීමටය” (6 පදය).

අපට ඕනෑම තැනක දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකිය. මක්නිසාද දැන් උන්වහන්සේ අපගේ ඇදහිල්ල කරණකොට ගෙන ශුද්ධාත්මයාණන් ලෙස අප තුළ වාසය කරන සේක (1 කොරින්ති 3:16; එපීස 3:17). උන්වහන්සේ අභිමුඛයෙහි අපගේ කාලය ගත කිරීමටත් වෙනත් ඇදහිලිවන්තයන් සමග එකතුව උන්වහන්සේට නමස්කාර කිරීමටත් අපි ආශාව ඇති කර ගනිමු. ගොඩනැගිල්ලක බිත්ති අතරේ නොව දෙවියන්වහන්සේ තුළ අපගේ ආරක්‍ෂාව සහ විශාලතම ප්‍රීතිය අපි සොයා ගනිමු.