පළමුවෙන්ම මිනිසා උපකරණ දමන්න පෙට්ටියක් තෝරා ගත්තේය. තම නගරයේ කුඩා ඇම විකුණන සාප්පුවක සිටගෙන ඔහු කොකු සහ මසුන් ඇල්ලීමට අවශ්‍ය අනෙකුත් දේවලින් සාප්පුවේ ට්‍රොලියක් පුරවා ගත්තේය. අවසානයේදී ඔහු පණ තිබෙන ඇමක් එකතු කර අලුත් බිලි පිත්තක් සහ තංගුස් රෝලක් තෝරා ගත්තේය. “මීට පෙර කවදා හෝ මාළු අල්ලා තියෙනවාද?” සාප්පු හිමියා ඇසීය. මෙම මනුෂ්‍යයා නැත කියා කීවේය. “මේකත් එකතු කර ගත්තා නම් හොඳයි” කියා අයිතිකරු කිවේය. එය ප්‍රථමාධාර කට්ටලයකි. මනුෂ්‍යයා එකඟ වී මුදල් ගෙව්වේය. නමුත් එදා ඔහු කිසිවක් අල්ලා ගත්තේ නැත. නමුත් තිබුණේ කොකු සහ ආම්පන්න වලින් තුවාල වූ ඇඟිලි තුඩු පමණි.

එය සීමොන් පේත්‍රැස්ගේ ගැටළුව නොවීය. පළපුරුදු ධීවරයෙක් වූ ඔහු පුදුමයට පත් වූයේ එක් උදෑසනක යේසුස්වහන්සේ ඔහුට බෝට්ටුව ගැඹුරු මුහුදට තල්ලු කර “අල්ලා ගැනීම සඳහා දැල් හෙලන්න” (ලූක් 5:4) කියා පැවසූ අවස්ථාවේදීය. දිගු රාත්‍රියක් පුරා කිසිවක් අල්ලා ගත නොහැකි වූවත් සීමොන් සහ ඔහුගේ සගයන් දැල් හෙලා “ඔවුන්ගේ දැල් ඉරෙන්ට තරම් මහත් මසුන් රාශියක් අල්ලා ගත්හ”. ඇත්තෙන්ම ඔවුන්ගේ බෝට්ටු දෙකම ගිලෙන තරමට මසුන්ගෙන් පිරුණි (6 පදය).

සීමොන් පේත්‍රැස් ඒ දැක යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී “ස්වාමිනී මා වෙතින් ගිය මැනව. මම පව්කාර මනුෂ්‍යයෙක්යැයි කීවේය (8 පදය). කෙසේ වෙතත් සීමොන්ගේ සැබෑ අනන්‍යතාවය යේසුස්වහන්සේ දැන සිටි සේක. උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට කථා කොට : “මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි කී සේක”. එය ඇසූ සීමොන් “සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියේය” (10-11 පද). අපි උන්වහන්සේ අනුව යන විට අප කවුරුන්ද යන්න හා උන්වහන්සේගේම ලෙස අප කැඳවනු ලැබූ හේතුව ඉගෙන ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.