කුඩා දරුවෙක් වශයෙන් ටෙනීට අනාරක්‍ෂිත බවක් දැණුනි. ඔහු තම පියාගෙන් අනුමැතිය ඉල්ලා සිටියත් ඔහුට එය ලැබුණේ නැත. පාසැලේදී හෝ නිවසේදී හෝ වේවා ඔහු කුමක් කළත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්ට තිබුණි. ඔහු වැඩිහිටි වියට පා තබන විට පවා අනාරක්‍ෂිතභාවය පැවතුණි. “මම හොඳ මදිද?” ඔහු දිගින් දිගටම කල්පනා කළේය.

ටෙනී බොහෝ කාලයක් බලා සිටි ආරක්‍ෂාව සහ අනුමැතිය ඔහුට ලැබුණේ ඔහු යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් පසුවය. දෙවියන්වහන්සේ ඔහුව මවා ඔහුට ප්‍රේම කර තමන් වහන්සේගේ පුත්‍රයෙක් ලෙසට ඔහුට සැළකූ බව ඔහු ඉගෙන ගත්තේය. අවසානයේ ටෙනීට ජීවත් විය හැකි වූයේ ඔහුව සැබවින්ම අගය කොට පිළිගනු ලැබුවේය යන විශ්වාසය නිසාය.

යෙසායා 43:1-4 හි දෙවියන්වහන්සේ තමන් තෝරා ගත් සෙනඟට කියා සිටියේ ඔවුන්ව පිහිටුවා ගත් පසු ඔවුන්ව මුදවා ගැනීමට තම බලය හා ප්‍රේමය උන්වහන්සේට භාවිතා කළ හැකි බවයි. “නුඹ මා ඉදිරියෙහි අනර්ඝව ගරු කටයුතු වූ බැවින්” යයි උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන්නේ උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බැවිනි (4 පදය).

දෙවියන්වහන්සේ ප්‍රේම කරන අය වෙනුවෙන් උන්වහන්සේ තබන අගය අප කරන කිසිම දෙයකින් පැමිණෙන්නේ නැත. නමුත් එය වන්නේ සාමාන්‍ය සහ බලවත් සත්‍යය වන උන්වහන්සේගේම අය වන්න උන්වහන්සේ අපව තෝරා ගැනීමෙනි.

යෙසායා 43 හි සඳහන් මෙම වචන ටෙනීට විශාල ආරක්‍ෂාවක් ලබා දුන්නා පමණක් නොව දෙවියන් වහන්සේ වෙනුවෙන් කිරීම සඳහා ඔහුව කැඳවනු ලැබූ ඕනෑම කාර්යයක් කිරීමට ඔහුට ශක්තියක්ද ලබා දුන්නේය. යේසුස්වහන්සේ තුළ අපව පිළිගෙන අනුමත කර ඇත යන ජීවනය දෙන සත්‍යය මගින් අන් අයව දිරිමත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරන ඔහු අද සභාපාලකයෙකි. මෙම සත්‍යය මත අද අපි විශ්වාසයෙන් යුතුව ජීවත් වෙමු.